රණබිමේදී ජිවිතය, ඇස්, අත් පා පුජා කරපු රණවිරුවන් තමන්ගේ විශාම වැටුප ලබා ගන්න පදිකවේදිකාවේ තව ජිවිත කියක් පුජා කල යුතුද?

වසර 12ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති ආබාධිත හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා මීට දින පහකට පෙර කොටුව...

වසර 12ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති ආබාධිත හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා මීට දින පහකට පෙර කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයට  සහභාගි වී රෝගාතුර වූ රණවිරුවන්ට ප්‍රතිකාර කිරීමේදී ජාතික රෝහලේ වෛද්‍යවරුන් නිසි සැලකිල්ලක් දක්වා නැතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පැවසීය 

අවාසනාවට දින හතරකට වඩා වැඩි කලෙයක් අපේ රණවිරුවන් නිරාහාරව පදිකවේදිකාවක් මත සටන් කරනවා. මහ වැස්සේ තෙමෙමින් අබාධ තත්වයන් යටතේ පදිකවේදිකාවේ නිදාගනිමින් අද මේ සටන කරන්න වෙලා තියෙනවා. මේ වන විට මරාන්තික උපවාසය කරන 4දෙනෙක් රෝගි තත්වයට පත්වෙලා ඊයේ අපි වෛද්‍යවරු ගෙනැල්ලා පරික්ෂා කරලා හතර දෙනාම යැව්වා රෝහලට. අද මට දැන ගන්න ලැබුණා ජාතික රෝහලේ දෙදෙනෙක් නතර කර ගෙන ඒ පරික්ෂා කරපු වෛද්‍යවරයා මන් ඉතාමත් කණගාටුවෙන් කියන්නේ අමානුෂිය අකාරයෙන් කිසිම අවදානයක් දක්වන්නේ නැතුව නිලධාරින් දෙදෙනෙක් හරවලා එවලා තියෙනවා. එක් නිලධාරියෙක් ගිහිල්ලා තමන්ගේ ගමේ රෝහලේ නැවතිලා ඉන්නවා. අනෙක් නිලධාරියා මෙතන ඇවිත් ආපහු උපවාසය කරනවා.

අපි මේ ආණ්ඩුවෙන් අහන්නේ රණබිමේදී ජිවිතය, ඇස්, අත් පා පුජා කරපු රණවිරුවන් තමන්ගේ විශාම වැටුප ලබා ගන්න පදිකවේදිකාවේ තව ජිවිත කියක් පුජා කල යුතුද? ජනපතිතුමනි ඔබට බිලි කියක් ඔනේද මේ වෙනුවෙන් අත උස්සන්න තින්දුව ගන්න කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. එකවරක් තමන්ගේ ජිවිතව අත් පා පුජා කරපු රණවිරුවන්ගෙන් තවත් මෙහෙම ජිවිත ඉල්ලන්න එපා.

තමන්ව මරන්න ආපු ත්‍රස්තවාදියා කෙරෙහි ඔබේ සිතේ ඇතිවුණු අනුකම්පාව ඔබේ ජිවිතය බේරා ගත්ත රණවිරුවන් කෙරෙහි ඇති නොවන්නේ ඇයි ද ජනපතිතුමනි කියලා සමස්ථ ජාතියම අද ජනපතිතුමන්ගෙන් අහන්නේ. අද දිර්ඝ කාලිනව අත්, පා, ඇස් අහිමිව දියවැඩියා තත්වය මනසික පිඩාවෙන් පෙළෙන මේ රණවිරුවන්ට මෙහෙම තවත් සටන් කරන්න බෑ. රණවිරුවන් පාරට ඇදලා දානවා කියන්නේ සමස්ථ ජාතියම ලැජ්ජාවෙන්න ඔනේ මේ තත්වයට.

ඒ වගේම මේක ඔවුන්ට තියෙන්නේ 2014 දෙසැම්බර් 17වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇමති මණ්ඩලය මේ තීරණය ගත්තා. චක්‍රලේඛනත් නිකුත් වෙලා ඉවරයි. ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ක්‍රියාත්මක කරන්න සල්ලි නැත්නම් ඔනේම ගිණුමකින් කපා හරින දේකට අත උස්සන්න. ආණ්ඩුවේ අග වන විට බොහෝ වැය ශිර්ෂ වල මුදල් භාවිතා නොකර ඉතුරු වෙනවා. අවුරුදු 6ක් පලාත් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කුරපු මම දන්නවා නොවැම්බර් දෙසැම්බර් වෙද්දි වෙන්කරපු මුදල් ඉතිරිවෙනවා. ඒ නිසා භාණ්ඩාගාර ලේකම්ට ඕනෑ නම් ඉතිරි වැය ශිර්ෂයකින් ඉතිරි වෙලා තියෙන මුදල් ඇදලා අරගෙන මිලියන 200 ගෙනැල්ලා මේ ප්‍රශ්නය විසදන්න පුළුවන්.

සමහරු අහනවා ඇයි මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නය ඉතිරි කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්ම මේ ප්‍රශ්නය විසදන්න තිබ්බනේ කියලා. ඒ අයට කියන්න ඔනේ යුධහමුදාවේ නම් වසර 10ක් සහ සෙසු ආයතන වල වසර 12ක් සේවය සම්පුර්ණ නොකල අයට විශ්‍රාම වැටුප් ලබා දීමක් තිබුණේ නෑ. අබාධිත රණවිරුවන්ට අපේ කාළේ ඔවුන්ව ගෙදර තියලා සම්පුර්ණ වැටුප ලබා දෙමින් තිබුණේ. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අවුරුදු 55දී. මේ අය අවුරුදු 55ට එද්දි තමයි මේ ප්‍රශ්නය මතු වුනේ. ඒ කියන්නේ 1983,1986 මේ යුද්ධය මහා පරිමානයෙන් අරම්භ වුණේ 1983. ඒ කාලයේ දී පුර්ණ අබාධිත තත්වයට පත්වුණ රණවිරුවන්ට විශ්‍රම වැටුප නැතිවීම දැනෙන්න ගත්තේ 2014, 2015 වන විට ඇයි එතෙක් ඒ අයට විශ්‍රම වැටුප ලැබෙමින් තිබුනු නිසා. ඒ අයට අවුරුදු 55ක් වන විට තමයි පරණ හමුදා නීතිය යටතේ ඒ අයට විශ්‍රම වැටුපක් නොමැති කියන කාරණය මතු වුනේ. එතෙක් මේ ප්‍රශ්නය මතු වෙලා තිබ්බේ නෑ විසදන්න. . මෙතන මහ සෙනගත් නෑ. සම්පුර්ණ ගාන 1500ට අඩුයි. ජනාධිපතිවරණය මැද වුණත් මේ ප්‍රශ්නය ඇති වුණාම දෙසැම්බර් මාසයේ 17 වැනිදාමේ අයට විශ්‍රම වැටුප දෙන්න අපේ ඇමති මණ්ඩලයෙන් තින්දුව ගත්තා. ඒ තින්දුව ක්‍රියාත්මක නොවිමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි අපහු කියන්නේ සල්ලි ප්‍රශ්නයක් මේ ආණ්ඩුවට නෑ. අගමැතිතුමාට ගෙන්වන කාර් වලට යන්නේ මිලියන 300යි. මේකට අවුරුද්දට යන්නේ මිලියන 200කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා සල්ලි ප්‍රශ්නයක් මෙතන නෑ. පෙබරවාරි වෙනකන් කල් මරන්න දෙයක් නෑ. මේ රණවිරුවෝ ජිවිත පුජා කරලා මුලු රටටම කැළබෙන තත්වයට ඇති නොවෙද්දි කොටි ත්‍රස්තවාදීයාට දක්වන අනුකම්පාවෙන් බිදක් මේ රණවිරුවන් වෙනුවෙන් දක්වන් කියලා අපි ඉතාමත් බැගැපත්ව රටේ සේනාධිනායකයා වන හමුදාවේ උත්තරීතර නායකයා වන ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6041745281993877287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item