හිලරිගේ ආධාරකරුවන් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණවල

අභිනවයෙන් තේරීපත් වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතා රැලි ඇමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි....

අභිනවයෙන් තේරීපත් වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතා රැලි ඇමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයකම පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

නිව්යෝක් හි යූනියන් චතුරස්‍රයට රැස්වූ සිය ගණනක් ජනතාව ට්‍රම්ප් විරෝධී පාඨ කියමින්, ට්‍රම්ප් කුලුණ අසල ඇමෙරිකානු ධජය හා ට්‍රම්ප් අනුරූ ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඕක්ලන්ඩ්, සීට්ල්, වොෂිංටන්, ඔස්ටින්, බොස්ටන් සහ චිකාගෝ නගරවලද ජනතාව රැස්වී විරෝතා පවත්වා ඇති අතර, ඇතැම් නගරවල එම විරෝධතා සාමකාමී ස්වරූපයක් ගත් බවද කියැවෙයි.

විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ආධාරකරුවන්ට මෙම නොසිතූ පරාජය භාරගැනීමට නොහැකි වීමත්, සංක්‍රමණිකයන් හා ඇමෙරිකාවේ වෙසෙන අන්‍ය ජාතීන් ට්‍රම්ප්ගේ පැමිණීමෙන් බියට පත්වීමත් මෙම විරෝධතාවන්ට හේතූන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම, හිලරි පරාජයෙන් පසුව සිදුකළ කතාවේදී මතුකළ ඇතැම් අදහස් මෙවැනි විරෝධතාවකට උසිගැන්වීමක් සිදුකර ඇති බවද ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5905894252840284215

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item