මහේන්ද්‍රන් වෙනුවෙන් නඩු කියන බව සුජීව සේනසිංහ කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්වත් ඔහුගේ බෑනණුවන්වත් ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්වත් ඔහුගේ බෑනණුවන්වත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ නිරව සිටින බව හෙළිදරව්වන ප්‍රකාශයක්, පසුගියදා පැවති උත්සවයකදී කෝප් කමිටු සාමාජික, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ආමාත්‍ය සුජීව සේනසිංහ සිදු කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ඕනෑම අධිකරණයක අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් කරුනු දැක්වීමට සූදානම් බවයි. එහිදී වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ "මේ දවස්වල අපිට නැතිවෙන්න ගහනවා. ගහන්න ඒකට කමක් නැහැ. කෝප් කමිටුවේ දී අපේ මතය කියනකොට සුනිල් හඳුන්නෙත්ති අපට ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. අපි උසාවියට ගිහිල්ලා මේ ගැන ඇත්ත නැත්ත කියනවා. අපි ඇත්ත කියන නිසා කෝප් සභාපති අපට නැතිවෙන්න ගැහැව්වා. සුනිල් හඳුන්නෙත්ති මහත්තයෝ කවදා හරි ඇත්ත එළියට එනවා. එදාට දුවන්න පාරවල් මදිවෙයි." යනුවෙනි.

කෝප් කමිටුව නියෝජනය කරන සුජීව සේනසිංහ, අජිත් පෙරේරා, හර්ෂද සිල්වා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දිගින් දිගටම අර්ජුන් මහේන්ද්‍රන්වත් ඔහුගේ බෑනාවත් බේරාගැනීමේ සටනක නියැලී සිටි බව කෝප් සභාපතිවරයා ඇතුළු අනේකුත් එජාප නොවන කෝප් සාමාජිකයන් පවසන අතර එජාප කෝප් සාමාජිකයන් පවසන්නේ තමන් කිසි ලෙසකින්වත් හොරුන් දූෂිතයින් රැකීමට කටයුතු නොකළ බවයි.

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තා පසුගිය 28වනදා කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී මූලික වාර්තාවට පාද සටහන් සහිතව 09කුත් රහිතව 16කුත් ලෙස සියළුම කෝප් සාමාජිකයින් (රංජන් රාමනායක හැර) එකඟතාවය පල කර අත්සන් තබා ඇත.

එහෙත් මේ වනවිට එජාප කෝප් සාමාජිකයින් කෝප් කමිටුවෙන් එළියට පැමිණ චෝදනා කරමින් විශේෂයෙන් කෝප් සභාපතිවරයා ප්‍රමුඛ ජවිපෙ මන්ත්‍රීවරු ඉලක්ක කර සිදු කරණ කිසුදු විග්‍රහයක් ඔවුන්ගේ පාද සටහන්වලට එක්කිරීමට හෝ ඔවුන් කටයුතු කර නැත.

කෙසේ නමුත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි ඔහු අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවෙන් බෙල්ල දීමට සූදානමින් සිටින අතර ඊයේ (30) කෝප් සාමාජික, ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරා සහභාගී වූ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී, අර්ජුන් මහෙන්ද්‍රන් වැරදි කරුබවට සඳහන් කරමින් අධිකරණ කටයුතු සිදුවුව හොත් ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටිනවාදැයි මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට පිළිතුරු නොදී මාධ්‍ය හමුව ක්ෂණිකවම අවසන් කිරීමටද කටයුතු කර තිබිණ.

ඊයේ පැවති තවත් උත්සවයකදී එජාප ප්‍රබලයෙකු වූ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ කෝප් පරීක්ෂණය සිදුවෙමින් පැවතියදී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් අවස්තා 15කදී මාධ්‍ය හමු පවත්වමින් බැඳුම්කර ගනුදෙනුව මගඩියක් බව අනාවරණට කර සිටි බවත් එසේ අනාවරණය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත්ය. 

ඒ අනුව පැහැදිලි වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් දියවන්නාවට ගෙනවිත් උඩ එල්ලා දඬුවම් කිරීම සඳහා නිර්දේශ කිරීමට කෝප් කමිටුවේදී තමන් වෙරදැරුවා සේ කතා කරන එජාප සාමාජිකයින්ගේ ඇත්ත වුවමනාව අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා සහ ඔවුන්ට දේශපාලන හයිය ලබා දුන් රනිල් වික්‍රමසිංහ නිවැරිදිකරුවන් කිරීමේ යටිකූට්ටු මෙහෙයුමක නිරතව සිටින බවය.

lanka truth



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7881657677741182071

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item