මන්නාරම නොසන්සුන් : නාවික හමුදා මැදිහත් වීමක් (වීඩියෝ)

මසුන් මැරීමට මුහුදු යෑම සදහා සුදානම් වු ධීවර පිරිසකට නාවික හමුදාව විසින් සිදු කළ බාධා කිරීම් හමුවේ මන්නාරම මුහුදු තීරයේ නොසන්සුන්තාවයක් හටග...

මසුන් මැරීමට මුහුදු යෑම සදහා සුදානම් වු ධීවර පිරිසකට නාවික හමුදාව විසින් සිදු කළ බාධා කිරීම් හමුවේ මන්නාරම මුහුදු තීරයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
මන්නාරම පල්ලිමුනෙයි, පනන්කට්ටු, පෙරියකට්ටු ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් ඊයේ (04 සිකුරාදා) උදෑසන මුහුදු යෑම සදහා සුදානම් වු අවස්ථාවේ නාවික හමුදාව විසින් ධීවරයන්ගෙන් ධීවර යාත්‍රා, ආම්පන්න සහ ධීවර කටයුතු වෙනුවෙන් අවසර සහිත බලපත්‍ර පෙන්වන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටීමෙන් මෙම නොසන්සුන් තාවය හටගත් බව 'ගගන රේඩියෝව' වාර්තා කරයි.

බලපත්‍ර පරීක්ෂා කිරීම නාවික හමුදාව විසින් සිදු කරන්නේ ප්‍රදේශයේ සහකාර ධීවර අධ්‍යක්ෂවරයාගේ සහයෝගයද ඇති බව ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී නාවික හමුදා ප්‍රකාශක අක්‍රම් අලෙවි පැවසිය.
කෙසේ වෙතත්, මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ බී එස් මිරැන්ඩා ධීවරයන්ට දැනුම් දී ඇත්තේ බලපත්‍ර පරීක්ෂාව නාවික රාජකාරියක් නොවන බවයි.

ධීවරයන්ට සිදුවන බාධා පිළිබඳව ඔවුන් විසින් දැනුවත් කරන ලද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් සහ මන්නාරම මීසම භාර වික්ටර් ඇන්තනි සෝසෙයි පියතුමා ද මේ වන විට බලධාරීන් සමග ගැටලුව නිරාකරණය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටිති.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි පවසන්නේ ධීවර කටයුතු වලට මුවාවී මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ විශාල වශයෙන් කේරල ගංජා සහ මත් කුඩු ජාවාරම් සිදු වන බවත් එබැවින් ඒවා අවම කිරීම සදහා මුහුදු යන්නේ ධීවරයන්දැයි නිශ්චිතව හදුනාගැනීම සදහා බලපත්‍ර පරීක්ෂා කිරීමක් සිදු කරන බවයි.

කෙසේ නමුත් බලපත්‍ර පරීක්ෂා කිරීමට ධීවරයන්ගේ අකමැත්ත ප්‍රකාශ වීම නිසා ඔවුන් විරෝධය පලකරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ධීවර-නාවික හබය අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරියෙක් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ‘අවශ්‍ය නම් උසාවි යන’ ලෙසයි.

කෙසේ නමුත් බලපත්‍ර පරීක්ෂා කිරීමට ධීවරයන්ගේ අකමැත්ත ප්‍රකාශ වීම නිසා ඔවුන් මෙලෙස විරෝධතා දක්වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

පසුගිය මාසයේ රාත්‍රියක මන්නාරමේ ධීවර ගම්මානයකට කඩාවැදුනු නාවික බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් අල්ලාගත් ගම්වාසීන් සහ නාවික හමුදා කඳවුරක් අතර හටගත් උණුසුම් තත්වයකින් අනතුරුව ගමට සන්නද්ධ නාවික රැකවල් යොදා තිබීම නිසා ගම්වාසීහු බියපත් වී සිටියහ.

ඉන් අනතුරුව ගොඩබිම හා දියඹේ සෝදිසි මෙහෙයුම් මගින් නාවික හමුදාව නිරන්තරයෙන් ධීවරයන් සහ යාත්‍රා අත් අඩංගුවට ගැනීම් සිදු කරන බව ප්‍රදේශ වාසීහු පවසති.

(radiogagana)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5117045953641304258

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item