ට්‍රම්ප් යුවළ ධවල මන්දිර සඳලු තලයේ

ඇමෙරිකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප් ඊයේ (10දා) ධවල මන්දිරය වෙත පැමිණියහ. රිපබ්ලිකන් හා...

ඇමෙරිකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප් ඊයේ (10දා) ධවල මන්දිරය වෙත පැමිණියහ.

රිපබ්ලිකන් හා ඩිමොක්‍රැටික් බල හුවමාරුව මෙන්ම, ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු කාරණා සාකච්ඡා කිරීම සඳහා වත්මන් ජනපති බරැක් ඔබාමා විසින් සිදුකළ ආරාධනයකට අනුව ඔවුන් ධවල මන්දිරය වෙත පැමිණ තිබුණි.

පැයකට අධික කාලයක් ඔබාමා සමග ඕවල් කාමරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව අභිනව ජනපති යුවළ ධවල මන්දිරය තුළ ඇවිද ගිය අතර, කතානායක පෝල් රයන් විසින් අභිනව යුවළ ධවල මන්දිරයේ ප්‍රකට කැපිටල් හිල් සඳලු තලය වෙතද කැඳවාගෙන යනු ලැබීය.

ඇමෙරිකානු මාධ්‍ය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සියලු අනාවැකි බොරු කරමින්, ට්‍රම්ප් මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර, මෙම ජයග්‍රහණය ට්‍රම්ප් සමග තරග කළ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් සහාය දැක්වූ ඔබාමා යුවළටද දරාගත නොහැකි තත්ත්වයක් විය.

ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරයට නුසුදුස්සෙකු බව කියා සිටි ඔබාමාටම, ට්‍රම්ප්ගේ සාර්ථකත්වය වෙනුවෙන් සියල්ල කරන බව කියන්නට විය.

2011 වසරේදී ධවල මන්දිර මාධ්‍ය නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව හාස්‍යයට ලක්කළ ඔබමා, එදින රාත්‍රී භෝජනයේදී ට්‍රම්ප්, රෝස් කළ බව කියා සිටියේය. නමුත්, දෛවයේ සරදමකට මෙන් එදා ඔබාමා විසින්ම ධවල මන්දිරයට ආරාධනා කර හාස්‍යයට ලක්කළ පුද්ගලයා, ඉන් වසර පහකට පසුව තමාගේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමටත්, ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් සියල්ල කරන බව පසක් කරන්නටත් බරැක් ඔබාමාට සිදුවිය. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2383396584401985441

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item