අවා කල්ලිය හැදුවේ ගෝඨාබය, දැන් මෙහෙයවන්නේත් ගෝඨාබය - රාජිත කියයි

යුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ සුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ ඕනෑ කමට බවත්, ඊට හමුදා ප්‍රධානියකු සහාය දැක්වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේ...

යුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ සුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ ඕනෑ කමට බවත්, ඊට හමුදා ප්‍රධානියකු සහාය දැක්වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කීවේය.

එකළ එම කල්ලිය දෙමළ පක්ෂ මෙල්ල කිරීමට යොදා ගෙන තිබුණු බවත්, දැන් එම එල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ගොඩනැඟී ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට බැලීමෙන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, මැර කල්ලි සෑදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම ඒ ආකාරයෙන් විය හැකි බවයි යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7725681522047607138

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item