දුම්රිය සේවකයින්ද වර්ජනයකට සූදානම්

දුම්රිය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව වාර්තාවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන දෙසැම්බර් මස 01 වනදා පැය 24ක ස...

දුම්රිය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව වාර්තාවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන දෙසැම්බර් මස 01 වනදා පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද උදෑසන පැවැත්විමට ද දුම්රිය වෘත්තිය සමිති සැලසුම් කර ඇති අතර සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වූ දුම්රිය සේවා වෘත්තිය සමිති සමූහික සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියේ ප්‍රධාන කරුණු 4ක් මුල් කරගනිමින් ‍සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පුද්ගලික අංශයට ලබාදීමට මේවන විට යෝජනාවක් පවතින බවත්,එම සැලසුමට එරෙහිවන බවත් ජානක ප්‍රනාන්දු පවසයි.

එමෙන්ම දුම්රිය සේවයට අවිධිමත් ලෙස බඳවා ගැනීම් සිදුකරන බවත්,මෙතෙක් කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත බඳවාගනු ලැබුවේ කම්කරුවන් පමණක් වුවද මේවන විට වෙනත් කාර්ය මණ්ඩලයන් පවා අමාත්‍යවරයාගේ හිතුමනාපය අනුව බඳවා ගනිමින් සිටින බවත්,වෘත්තීය සමිති විසින් ඊටද විරෝධය දක්වන බවත් ඔහු සඳහන් කළේය.

අනෙක් අතට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඉහළින් දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත්,2015 සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමිකරලීමට කටයුතු කරමින් සිටින බවත්,මෙවර අයවැයෙන්ද එය තහවුරු කර ඇති බවත් මෙම කරුණු දෙකටද වෘත්තීය සමිති ලෙස විරෝධය පාන බව ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8803285817375085003

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item