ඒකාබද්ධයට පිළිතුරු දෙන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු රැස්වෙති

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන...

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීිම මත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ කැඳවා ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේදී පැවැත්වේ. මන්ත්‍රීවරුන් කළ ඉල්ලීිම ප්‍රකාරව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම රැස්වීම කැඳවා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2002 - 2004 වර්ෂයන්හිදී මෙලෙස එවක එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් “ටොප් ටෙන්” ලෙස හඳුන්වමින් බොරු චෝදනා එල්ල කළ බවද මෙම මන්ත්‍රීවරු සභා නායකවරයා හමුවේ පෙන්වා දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6742356823832285802

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item