ලාංකික ත්‍රස්ත සැකකරුට වන්දි ගෙවන්න ශ්‍රී ලංකාවට නියෝග කරයි!

කැනඩාවේ - ටොරොන්ටෝහි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකාවේදී විඳීමට සිදුවූ වධහිංසා වෙනුවෙන් වන්දි ගෙවන...

කැනඩාවේ - ටොරොන්ටෝහි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකාවේදී විඳීමට සිදුවූ වධහිංසා වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට නියෝග කර ඇතැයි කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ආයුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිර්දේශ කර ඇතැයි ජාත්‍යන්තර යුක්තිය සඳහා කැනඩා මධ්‍යස්ථානය උපුටා දක්වමින් නැෂනල් පුවත් සේවය වාර්තා කර තිබේ.

රොයි සමතානම් නම් 46 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ වන්දි ගෙවන ලෙසට නියම කර ඇත.

තමාට ශ්‍රී ලංකාවේදී මුහුණපෑමට සිදුවූ වධහිංසා පිළිබඳව ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට කරනු ලැබූ පැමිණිල්ලට අනුව තීන්දුව ප්‍රකාශ කරමින් වින්දිතයා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ශ්‍රී ලංකාවට නිර්දේශ නිකුත් කර තිබේ.

සමතානම් මෙම පුද්ගලයා සරණාගත‍යෙකු වශයෙන් කැනාඩාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු 2007 වසරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ නිවාසය වැටලූ පොලීසිය ජංගම දුරකථන 600ක් සමග ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් එම දුරකථන සිය ව්‍යාපාරික මිත්‍රයෙකු වෙනුවෙන් සිංගප්පූරුවේ සිට ආනයනය කළ බව ඔහු එහිදී පොලීසියට පවසා ඇත.

පොලීසිය විසින් සැකකරු පසුව ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී තිබේ.

සැකකරුට මුලින්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් අධි තාක්ෂණික හා රේඩාර් උපකරණ ලබාදීමේ චෝදනා ගොනු කර තිබූ අතර පසුව ප්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවේ සිටි කාලයේ ඔහුට විවිධ අඩන්තේට්ටම්වලට මුහුණදීමට සිදුවූ බව ඔහු අදාළ සිය පැමිණිල්ලෙන් පවසා තිබේ.

කෙසේ වෙතත් පසුව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයන කිරීමේ වරදට සැකකරු වරදකරු කර දඩයක් නියම කර ඇත.

එය ගෙවීමෙන් අනතුරුව නිදහස්වූ මෙම කැනඩා ජාතිකයා 2011 වසරේදී නැවතත් කැනඩාවට ගොස් තිබේ.

පසුව ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ මීට වසර තුනකට පෙරාතුව තමන්ට සිදු වූ වධහිංසා පිළිබඳව පැමිණිලි කර තිබේ.

අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ශ්‍රී ලංකාවේදී විඳීමට සිදුවූ වධහිංසා වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට නියෝග කර ඇති බව වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6562655800498948687

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item