චීන තානාපතිට මම උපදෙසක් දුන්නා - මංගල ඉන්දියාවට කියයි

කිසියම් ගැටළුවක් පවතින්නේනම් එය මාධ්‍යට නොව ප්‍රථමයෙන් විදේශ අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස තමන් චින තානාපතිවරයාට උපදෙස් ලබා දුන් බව විදේශ අම...

කිසියම් ගැටළුවක් පවතින්නේනම් එය මාධ්‍යට නොව ප්‍රථමයෙන් විදේශ අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස තමන් චින තානාපතිවරයාට උපදෙස් ලබා දුන් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

“ද හින්දු” පුවත්පත සමග පැවැති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා චීන තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග පැවැති මතභේදය සම්බන්ධයෙන් හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ චීනය ශ්‍රී ලංකාවේ ඉතා හොද මිතුරෙකු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේදි චීනය වැදගත් හවුල්කරුවෙකු බව ද මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මැතිවරණයට පෙර ලබා දෙන ඇතැම් පොරොන්දු මැතිවරණයෙන් අනතුරුව වෙනස් වන බවයි.

කෙසේ වෙතත් අමෙරිකානු නව ආණ්ඩුව අමෙරිකානු ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇති බව ද ඔහු පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4204470894388872317

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item