යුද්ධයෙන් කවුරුවත් දිනුවේ නෑ. එලුග තමිල්" හොඳ වැඩසටහනක් -රෙජිනෝල්ඩ් කුරේ

අවුරුදු 30ක යුද්ධය මහින්ද රාජපක්ෂවත්, ප්‍රභාකරන්වත් දිනුවේ නැති බව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පෙන්වාදෙයි. 30 වස‍රක යුද්ධයෙන...



අවුරුදු 30ක යුද්ධය මහින්ද රාජපක්ෂවත්, ප්‍රභාකරන්වත් දිනුවේ නැති බව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පෙන්වාදෙයි.

30 වස‍රක යුද්ධයෙන් ඉතිරි වුණේ දුක, ශෝකය, වේදනාව, ඇඬීම පමණක් බවත්, කියයි.

මේ නිසා අවුරුදු 30ක යුද්ධයෙන් දැන් ඉතිරි වී ඇත්තේ දුක් කරදර, වේදනා හා අලාභය පමණක් යැයි ඒ මහතා යාපනය, වලිකාමම් රාමනාදන් විදුහලේ අද පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ පැවසුවේ "එලුග තමිල්" නැඟිටින්න දෙමළ හොඳ වැඩසටහනක් බවයි.

"හොඳට ඉගෙන ගන්න ඕන, හොඳට වැඩකරන්න ඕන" එහි අර්ථය විය යුතු බවත්, එමඟින් ආපසු නැගිටීමට හැකි වන බවත් පෙන්වාදුන් ඒ මහතා එය යාපනයේ පමණක් නොව මුළු උතු‍රු පළාතේම සිදුවිය යුතු බවත්, කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1100203720761170128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item