මලයාසි‍යාවේදී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට

පුද්ගල ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ති‍බේ. ක්වාලාලම්පූර් පොලීසිය විසින් ස්ථාන තුනකදී ...



පුද්ගල ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ති‍බේ.

ක්වාලාලම්පූර් පොලීසිය විසින් ස්ථාන තුනකදී සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීමේ දී ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී අදාළ සැකකරුවන් භාරයේ සිටි පුද්ගලයින් 35 දෙනෙකු ක්වාලාලම්පූර් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මොවුන්ට ව්‍යාපාරික ස්ථානවල සහ වෙනත් ස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් මලයාසියාවට ගෙන්වාගෙන ඇති අතර ඔවුන්ට එම රැකියා ලබා දී නොමැති බව සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

ඒ අනුව ඔවුන් මලයාසියාව තුළ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ලිංගික ජාවාරම් සඳහා යොදවන බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4779780094194869286

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item