අල්ලස් කොමිසමට සරත් ජයමාන්න ?

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා නීතිපති දෙපාර්තමේ...

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකු ලෙස සේවය කරන ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු සූදානම් කරන බව වාර්තා වේ.

වෝහාරික විද්‍යා පිළිබඳ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 25කට අධික කාලයක් සේවය කර ඇත. එමෙන් ම නීති විද්‍යාලයේ දේශකයකු ලෙස ක්‍රියා කරන ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙහි සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයෙහි කතිකාචාර්ය වරයකු ලෙසද සේවය කර තිබේ. 'යළි මැවෙන අපරාධයක්' නමින් අපරාධ නීතිය පිළිබඳ කරුණු ඇතුළත් ග්‍රන්ථයක්ද ඒ මහතා විසින් රචනා කර ඇත. එසේඅ සරත් ජයමාන්න ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාවලිය සඳහා ඩී එන් ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වා දීමට ද මූලික වී ක්‍රියා කළ අයෙකි. 

ඉදිරි දින කිහිපය ඇතුළත දී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නගේ නව පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කෙරෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3736426210579036356

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item