දකුණේ දී බුරා පනින පොලිස්පති උතුරේ දී හා පැටියෙක්

අද දින දෙමළ පුවත්පත් බැළුවොත් ඒම පුවත් පත් වල මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට බවට පත්වී තියෙන්නේ උතුරේ මහා වීර දිනය ඉහලින් සමරයි කියන එකයි....

අද දින දෙමළ පුවත්පත් බැළුවොත් ඒම පුවත් පත් වල මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට බවට පත්වී තියෙන්නේ උතුරේ මහා වීර දිනය ඉහලින් සමරයි කියන එකයි.“කොටින්ට මිය ගිය ත්‍රස්තවාදින් සැමරීමට අපි ඉඩ දෙන්නේ නෑ“ කියලා පසුගිය දින වල ආණ්ඩුවේ ඇමතිවරු සිංහ නාද කලා. නමුත් කොටි කිසිම පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේ මහ විරු දිනය සැමරීමට කටයුතු කළා. කොටි සංවිධානයේ නායකයාගේ දැවැන්ත පුවරු අරගෙන උතුරු සහ නැගෙනහිර පලාත් වල පෝස්ටර් අලවලා පුවරු ඔසවා ගෙන පෙලපාලි ගිහින් මිය ගිය අයගේ ඡායාරූප වලට මල් මාලා පලඳවා පහන් පත්තු කර මහ ඉහලින් මහ වීර සැමරුම කළා. 

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මේ බව පැවසුයේ ඊයේ පවතී මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

හමුදා කදවුරු ඉදිරිපිට පවා ඔවුන් මහ විරු දිනය සැමරුවා. එතකොට අර සිංහ නාද කරපු ඇමතිවරුන් සිටියේ ඇඳන් යට ද කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙමත් නැති නම් අවාසියා දෘෂ්ඨියාබාධා හැදිලා මේවා දැක්කේ නැද්ද කියලා අපි අහනවා. රට බෙදීමට කටයුතු කල අහිංසක ජනතාව මරා දැමීමට කටයුතු කල ත්‍රස්ථවාදියා වීරයෙක් කිරීම හරහා මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගත් පාසැල් සිසුන්ටත් පණිවිඩයක් දුන්නා ඔබ වීරයෙක් වන්නට නම් ත්‍රස්තවාදියෙක් විය යුතුය කියලා. ලමා සිත්තුලට එම විෂබීජය දැමීම තමයි ඊයේ උතුරේත් නැගනෙහිර සමහර තැන් වලත් සිදු උනේ. 

පවුලේ අය මිය ගිය අය සිහිපත් කරලා ආගමික වතාවත් කිරීමට අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් මිය ගිය ත්‍රස්තවාදින් දේශපාලනිකව සමරලා දෙමළ බෙදුම්වාදය දිරිමත් කිරීමටයි අපි විරුද්ධ. ත්‍රස්තවාදිය දිරිමත් කිරීම වගේම බෙදුම්වාදය දිරිමත් කිරීමත් අපේ රටේ නීතිය යටතේ වරදක්. ඒ නිසා මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් දකුණේ දී බුරා පනින උතුරේ දී හා පැටියෙකු වන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4762019447545578366

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item