ආණ්ඩුවට තියෙන රථගාය හොද කරන්න කරන්න බෑ - ගම්මන්පිල

පසුගිය අයවැය ආදායම් යෝජනා අති මහත් බහුතරයක් මුදල් ඇමතිතුමාටඉවත් කර ගන්න සිදු වුණු බව රටම දන්නවා. මුදල් ඇමතිතුමාට වැරදුනේ ආදායම් ඇස්තමේන්...

පසුගිය අයවැය ආදායම් යෝජනා අති මහත් බහුතරයක් මුදල් ඇමතිතුමාටඉවත් කර ගන්න සිදු වුණු බව රටම දන්නවා. මුදල් ඇමතිතුමාට වැරදුනේ ආදායම් ඇස්තමේන්තු විතරක් නොවේ. වියදම් ඇස්තමේන්තුත් වැරදුනා. මේ වන විට වෙන් කළ මුදල් මදියි කියා තුන් වතාවක් පරිපූරක ඇස්තමේන්තු හරහා වැඩිපුර මුදල් වෙන් කර ගත්තා. පසුගිය සෙනසුරාදා නවතම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. 

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මේ බව පැවසුයේ ඊයේ පවතී මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

වැටුප්, ඉන්ධන, ලිපිද්‍රව්‍ය සහ අතිකාල දීමනා වගේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් විදේශ සංචාර, ගෘහ භාණ්ඩ සහ වාහන මිළ දී ගන්නත් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරලා. තව එක මාසයක් පරණ වාහනේ පරණ මේසය පාවිච්චි කරන්න බැරි ඇයි කියන එක මේ ඇමතිවරු රටට කියන්න ඕනෑ. ඒ වගේම විදේශ සංචාර සඳහා වෙන් කළ මුදල් අවසන් නම් පිටරට ගමන නතර කරලා තානාපති කාර්යාලය හරහා ඒ කාර්රය ඉටු කර ගන්න පුළුවන්. මේ පරිපූරක ඇස්තමේන්තුව හරහා රටට ලැබෙන පණිවිඩය තමයි මේ ආණ්ඩුවට සුව කළ නොහැකි රථ ගායක් සහ රට ගායක් තිබෙන බවයි. 

මේ වසරේ තව මාසයයි ඉතිරි වෙලා තිබෙන්නේ. මිළ දී ගැනීමේ ක්‍රියාවලියට මාසයකට වඩා යනවා. එසේ නම් තව මාසයක් ඉවසා ගෙන ඉන්නේ නැතුව මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ ඇයි? පාර්ලිමේන්තු අවසරයකින් තොරව මේ වාහන ලී බඩු අරගෙන විදේශ සංචාරවල ගිහින් ඇවිත් ඒවාට මුදල් ගෙවන්න දැන් පාර්ලිමේන්තුවට ඇවිත් කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1083857216419498109

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item