'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම්

යුද්ධය අවසන්වීමට පෙර කොටි සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි සමරන ලද මහවිරු දිනය මෙවර ද තමන් සැමරීමට බලාපොරොත්තු ව...

යුද්ධය අවසන්වීමට පෙර කොටි සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි සමරන ලද මහවිරු දිනය මෙවර ද තමන් සැමරීමට බලාපොරොත්තු වන බවත් එය තමන්ගේ අයිතියක් බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ, "දෙමළ ජාතික සන්ධානයෙනුත් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරලා තියෙන්නේ මහවිරු දිනය සමරන්න අවස්ථාව දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කරන එක වැරදි කියන එක තමයි මගේ මතය.

මහවිරු දිනය සමරන්න අපිට අයිතියක් තියෙනවා. ජවිපෙ කණ්ඩායම 88 සහ 89 මියගිය සාමාජිකයින් අදත් සමරනවා නම් එයාලට අයිතිය තියෙනවා නම්, අපිටත් අයිතිය තියෙනවා කොටි සංවිධානයේ එහෙම මැරිච්ච අය සමරන්න. මේක සැමරුවොත් තමයි අපිට දේශපාලන විසඳුමක් ගන්න පුළුවන්. යුද අපරාධවලටත් අපිට සාධාරණයත් ලැබෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ නිසා මොන විදිහට අපිව බය කරත් අපි සමරනවා. මේ සැමරීම නතර කරන්න බෑ. මේ සැමරීම සිදුකරලා තමයි ඒ අයගේ හිත් වේදනාවන් අඩු කරලා එක්සත් ශ්‍රී ලංකාවක් ඇතුළේ දේශපාලන විසඳුමක් ගන්න දෙමළ, මුස්ලිම් හා සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ" යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ,"සිවාජිලිංගම් කියා සිටින දේ ඇත්තෙන්ම අපිට අනුමත කරන්න බැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. තහනම් කරපු සංවිධානයක්. ඒ නිසා කාටවත් කවදාකවත් එල්.ටී.ටී.ඊ සැමරුමක් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ඒක කරන්නත් බැහැ. ඒක නීති විරෝධියි. නමුත් මේ යුද්දෙට ගොදුරු වූ ජීවිත නැති වූ කට්ටියව සමරන්න පුලුවන්. නමුත් කොටි සංවිධානය සමරන්නට අපි ඉඩක් දෙන්නෙ නැහැ. එහෙම සැමරුවොත් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා" ලෙසයි.

කොටි සංවිධානය සෑම වසරකම නොවැම්බර් මස 26වනදා මහවිරු දිනයත් 27 වනදා එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ උපන් දිනයත් යුද්දය අවසන් වීමට පෙර උතුරේ විවිධ ස්ථනායන්හි සමරනු ලැබීය.

වන්නි - රොමේෂ් මධුෂංඛ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8077144615638342172

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item