රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම අනුමත කරන්නේ නෑ - වායු අමාත්‍ය
රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස කිසිසේත් අනුමත නොකරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසය...
https://www.sathhanda.com/2016/11/blog-post_818.html
රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස කිසිසේත් අනුමත නොකරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම මාධ්‍ය හමුවේ දී පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙවන් සිද්ධි ජනාධිපතිවරයාද කිසිසේත්ම අනුමත නොකරන බවත්, ඒ නිසාම මෙම සිද්ධියේදී පෞද්ගලිකවම ජනාධිපතිවරයා මැතිහත්ව ක්‍රියා කළ බව තමන් දන්නා බවත්,එය රු.1,40,000ක් පාඩු කළ බවට වන චෝදනාවක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
අද දවසේද රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරිණියක අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ බවත්,රැකියාව තුළ යම් යම් තීන්දු ගැනීමට සිදුවීම නිසා චෝදනාවට ලක්වී මේ ආකාරයෙන් අපහසුතාවට පත්වීම අනුමත කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
Related