ආබාධිත රණවිරුවන්ට එරෙහිව උසාවි ගිය පොලිසිය හිස් අතින් එයි

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් අත්හිටුවන්නැයි ඉල්ලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍...

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් අත්හිටුවන්නැයි ඉල්ලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

අදාළ ඉල්ලීම කර ඇත්තේ කොටුව පොලීසිය විසින්.

එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරිය පෙන්වා දී ඇත්තේ එවැනි වාරණ නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

විරෝධතා පා ගමන හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලීසිය වගබලා ගතයුතු බවයි මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ආබාධිත රණවිරුවන් මුහුණ දෙන විශ‍්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මහා සංඝරත්නය සමග එක්ව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසනවා.

එහි සභාපති කෝප‍්‍රල් යූ.ඞී. වසන්ත පැවසුවේ ඊට සිවිල් සංවිධාන නියෝජිතයන්ගේද සහාය ලබාගන්නා බවයි.

ආබාධිත රණවිරුවන් මේ වනවිට කොළඹදී විරෝධතා පා ගමනක නිරත වනවා. මේ නිසා කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බවයි පොලීසිය පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2110035995975684966

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item