දෑත් දෙපා නැති අසරණ රණවිරුවන්ට අපමණ අගයක් - කදුළු ගෑස්, අධිපීඩන ජලය ගසා පන්නති(VIDEO)

පොලිසිය විසින් විරෝධතා පා ගමනේ නිතර වූ ආබාධිත රණවිරුවන් හා භික්‍ෂුන් වහනසේලා වෙත කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. පො...

පොලිසිය විසින් විරෝධතා පා ගමනේ නිතර වූ ආබාධිත රණවිරුවන් හා භික්‍ෂුන් වහනසේලා වෙත කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවයි.

ප‍්‍රහාරය නිසා ආබාධිත රණවිරුවන් දුවන්ට හෝ නොහැකිව දැඩි අසරණ තත්වයට පත් වූහ.

ප‍්‍රහාරයට ලක් වුණු ආබාධිත රණවිරුවන් පවසන්නේ යුද්දය නිසා අබාධිත වූ තමනට හිමිව ඇති විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස් ඉල්ලා සිටි නිරායුද තමන් ඉලක්ක කර එල්ල කල මෙම ප‍්‍රහාරය හද කම්පා කරන බවයි.

තමන් මේ රට බේරාගත් මිනිසුන් මිස රටට හතුරුකම් කල වුන් නොවන බවද තම දෑත් දෙපා අහිමි වූයේ රට වෙනුවෙන් යුද වැද බවත් ඔවුන් කියා සිටිති.

මේ ආකාරයේ කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාරයක් රණවිරුවන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූයේ ඉතිහාසයේ මුල් වරටයි.











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1020964218538164534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item