ලාංකිකයාට විශ්වයේ අසන්නට තිබූ මිහිරිම නාදය අමරදේවයන්ගේ හඬ - මහින්ද රාජපක්ෂ

ජාතියේ යශෝරාවය නැංවූ මහා ගාන්ධර්වයා නිහඬ වීම අප බලවත් සංවේගයට හේතුවන්නේය. ශ්‍රී ලාංකික ජාතියට මේ විශ්වයේ අසන්නට තිබූ මිහිරිම නාදය අ...


ජාතියේ යශෝරාවය නැංවූ මහා ගාන්ධර්වයා නිහඬ වීම අප බලවත් සංවේගයට හේතුවන්නේය.

ශ්‍රී ලාංකික ජාතියට මේ විශ්වයේ අසන්නට තිබූ මිහිරිම නාදය අමරදේවයන්ගේ කටහඬයි. මොරටුව කොරළවැල්ලේ උපන් අමරදේවයන් බාලවියේ සිටම මහා ගාන්ධර්වයකු වන ලකුණු ජාතියට පෙන්නුම් කළේය. එදා දෑ හිතකාමී කලාලෝලී ප‍්‍රභූන් ඇතුළු ජනතාවගේ දායකත්වයෙන් ස්වකීය ශිල්ප ඥාණය ඔපවත් කර ගන්නට ඉන්දියාවට ගිය අමරදේවයෝ ජාතියේ ප‍්‍රාර්ථනාවන් එළෙසම ඉටු කළෝය. නානා විධ සංගීත පර්යේෂණයන්හි නියැලෙමින් දේශීය සංගීත සම්ප‍්‍රදායක් ගොඩනගන්නට මේ ගාන්ධර්වායා කළ මෙහෙවර අසම සමය. අමරදේවයන් ශ්‍රී ලාංකික සංගීත මහා වංශයක් ගොඩනැංවීය.

ශ්‍රී ලංකාද්වීපයේ පමණක් නොව ආසියානු රාජ්‍යයන්වලින්ද ඔහුගේ සංගීත නිපුනතාවයද ඥාණයද පිදුමට ලක්විය. මැග්සයිසේ, පද්ම ශ‍්‍රී ආදී සම්මානයන්ගෙන් අප ශ්‍රී ලාංකික පුත‍්‍රයා පූජිත විය. විදෙස් ජාතික ගීයකට තනුව යොදා සංගීතය සැපයීමේ වරම ලද දුර්ලභ සංගීතඥයා අමරදේවයන්ය. 
ශ්‍රී ලාංකික හදවතේ ප්‍රේමයද විරහවද, ජාතිකානුරාගයද ආගමික බැතියද අමරදේවගේ හඬෙහි විය.

අමරදේවයන් අපහැර ගියද ඔහුගේ ස්වරය අමර ස්වරයකි. එය අප දෙස බස රැස පවතිනතාක් කල් අමරණීයයි. 

මෙම මහා ගාන්ධර්වයාට මම අවසන් ආචාරය පුදා කරමින් මෙසේ පතමි. සසර වසන තුරු, නිවන් දකින තුරු, පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට...... හේතු වාසනා වේවා......



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3673030202893846136

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item