නිල නොවන ජනපති උපදේශක සරත් විජේසූරිය? (VIDEO)
ආචාර්ය සරත් විජේසූරිය මහතා නිල නොලත් ජනාධිපති උපදේශකයා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. ඊයේ (22...

https://www.sathhanda.com/2016/11/video_17.html
ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.
ඒ සම්බන්ධව අදහස් දක්වූ ඥානසාර හිමියන්," සරත් විජේසූරිය කියලා ඉන්නවා මහත්තයෙක්. කුප්‍රකට ආචාර්ය කෙනෙක් කියලා කියාගත්ත කෙනෙක්. එයා තමයි මම හිතන්නේ නිල නොලත් ජනාධිපති උපදේශක. එයා කිව්වම ආරක්ෂක ලේකම් අයින් කරන්න ඕන. එයා කිව්වම බුද්ධි අංශ ප්‍රධානී අයින් කරන්න ඕන. සරත් විජේසූරියලා කව්ද? "යනුවෙන් කියාසිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, "අපි ආරාධනාවක් කරනවා අලුතින් පිහිටුවලා තියෙන මේ සංහිඳියා පොලිස් ඒකකයේ අයට ඉස්සෙල්ලා එන්න අපෙන් ටියුෂන් ගන්න. මොකද සංහිඳියාවට බාධා කරන කොටස් ගැන අපි ඔය ඇත්තන්ට කියලා දෙන්නම්. කරුණාකරලා අපිට සාකච්ඡාවට අවස්ථාවක් වහාම උදාකරන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා" යනුවෙන් ද පැවසීය.
වීඩියෝව පහතින්.
Related