ගිය මාසේ මනූෂ්‍ය ඝාතන 39ක් - ලිංගික අපරාධ 198ක්

බරපතළ ගණයේ අපරාධ සිදුවීම්වල අඩුවක් පසුගිය නොවැම්බර් මාසයේ පෙන්නුම්කරන බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය ස...

බරපතළ ගණයේ අපරාධ සිදුවීම්වල අඩුවක් පසුගිය නොවැම්බර් මාසයේ පෙන්නුම්කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය සඳහන් කළේ මෙම වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බරපතළ ගණයේ ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592ක් බවයි.

කෙසේවෙතත් මෙම අපරාධ සංඛ්‍යාව පසුගිය වසරේ සිදුවූ අපරාධ සංඛ්‍යාවට සාපේක්ෂව කුමන ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ ද යන වග පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් නොවේ.

ඒ පිළිබඳව අද දෙරණ කළ වීමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පසුගිය වසරේ අපරාධ සංඛ්‍යාව සහ අදාළ දත්ත පිළිබඳ සංඛ්‍යාලේඛන තමන් සතුව නොමැති බවයි.

එමෙන්ම පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි මෙම වසරේ නොවැම්බර් මාසය තුළ පමණක් බරපතළ ගණයේ ප්‍රධාන අපරාධ 575ක් වාර්තා වී ඇත.

ඒ අතර මනුෂ්‍ය ඝාතන 39ක්, ලිංගික අපරාධ 198ක්, ගෙවල් බිඳම් 153ක්, කොල්ලකෑම් 64ක් සහ සොරකම් 121ක් වාර්තා වී ඇති බව එහි සඳහන් වේ.

එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අපරාධ 90ක අඩුවීමක් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මෙම වසරේ නොවැම්බර් මාසයේ වාර්තා වූ වැඩිම බරපතළ ඝණයේ අපරාධ සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම අපරාධ සංඛ්‍යාව 170ක් බව එම නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනයට අනුව බස්නාහිර පළාත තුළ වැඩිම අපරාධ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නුගේගොඩ කොට්ඨාසයෙනි. 

මේ අතර ලිංගික අපරාධ 198ක් වාර්තා වී ඇති අතර ඉන් 152ක් ස්ත්‍රී දූෂණ සිද්ධින් බව අදාළ නිවේදනයෙන් පෙන්වාදෙන අතර එය කුමන කාල වකවානුවක සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද ඉන් අනාවරණය කර නැත.

කෙසේවෙතත් වසරේ අනෙකුත් මාස අතර අපරාධ සිදුවීම් වාර්තාවීම් පිළිබඳ තොරතුරු ද අදාළ නිවේදනය මගින් නිකුත් කර නොතිබෙන අතර ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද තමන් සතුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එම වාර්තාව පොලීසිය විසින් සකස් කරන ලද්දක් නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණ කළ විමසීමේදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 981123058188753624

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item