එකම පවුලේ 7 දෙනෙක් මියයද්දී වෑන් එකේ ඉතිරි වුනේ එක්කෙනයි - 11 ක් මියගිය චාවකච්චේරි අනතුර
පසුගිය සෙනසුරාදා යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේදී සිදුවූ බස්-වෑන් මාරක රිය අනතුර නිසා මියගිය පිරිස මේවනවිට 11 දක්වා ඉහළ ගොස් ඇත.මෙම අනතුරට ...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/12/7_19.html
පසුගිය සෙනසුරාදා යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේදී සිදුවූ බස්-වෑන් මාරක රිය අනතුර නිසා මියගිය පිරිස මේවනවිට 11 දක්වා ඉහළ ගොස් ඇත.මෙම අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්දයාම බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. අධික වේගයෙන් ගිය වෑන් රථය එක්වරම දකුණු පසට හැරී අනෙක් පස වේගයෙන් ආ ලංගම බස් රථයට මුහුණට මුහුණලා හැපී මෙම අනතුර සිදුවිය. මේ අනතුර නිසා වෑන් රථයේ ගමන් කළ 12 දෙනාගෙන් රියදුරු ඇතුළු 11 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වූ අතර බස් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු 16 දෙනෙකු තුවාල සහිතව රෝහල් ගත කරන්නට සිදුවිය.
තුවාල ලද අය සහ මියගිය අයගේ සිරුරු මුලදී යාපනය රෝහලට ඇතුළු කර පසුව ගුවනින් කොළඹට ගෙන ඒමටත් කටයුතු යොදා තිබුණි. බණ්ඩාරගම-හොරණ ප්‍රදේශ යාබද මිල්ලනිය මාදම්පේ ප්‍රදේශයේ එකම පවුලක ඥාතීන් වන 7 දෙනෙකු මෙම අනතුරින් මියගිය 11 දෙනා අතර සිටී.
ඔවුන් අතර කොළඹ ජාතික රෝහලේ හෙදියක්,කර්මාන්ත සංවර්ධන මණ්ඩල අධ්‍යක්ෂිකාවක්, ආයුර්වේද වෛද්‍යවරයෙක්,ජාතික රෝහලේ භෞත චිකිත්සකවරයෙක් හා පරිගණක ඉංජිනේරු වරයෙක් සිටී.
මේ අය නිවාඩුව වෙනුවෙන් නාගදීපේ වන්දනා චාරිකාවක් යද්දී මේ අනතුර සිදුවිය.
වෑන් රථයේ ගිය අයගෙන් එරන්දිකා විජේසුන්දර නමැති කාන්තාව පමණක් දිවි බේරාගෙන තිබුණ අතර ඇය තවමත් කම්පන තත්වයේ පසුවේ.
ලංගම බසය පැදවූ සිවලිංගම් ජේස්වරන් පවසා ඇත්තේ වෑන් රථය සැණින් තමා ගමන් කළ පථයට හැරුණ බවත් හැකි තරම් පැත්තකට කර බසය නවතන්නට උත්සාහ කළත් එම ගැටීම වළක්වන්නට හැකියාවක් නොවූ බවත්ය. අනතුරත් සමග ක්ලාන්තවුණ ඔහුට එයින් එහා දේවල් මතක නැතැයි කියා තිබේ.
බස් රථයේ රියදුරු මෙන්ම කොන්දොස්තරවරයාද තුවාල ලද අය අතර සිටී.
මෙම ගැටීම නිසා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුනේ අතක්ද කෑඩී වෙන්ව ගොස් හිසට සහ පපුවට බරපතල තුවාල සිදුවෙමිනි.
අනතුර නිසා වෑන් රථය බසය තුලට එබුණ ආකාරයක් දිස්වූ අතර සිරවී සිටි තුවාල කරුවන් ඉවතට ගන්නට අවට සිටි අයට බලවත් පරිශ්‍රමයක් යොදන්නටද සිදුව ඇත.
මෙම අනතුරින් තුවාල ලද හා මියගිය කිහිපදෙනෙකුම කොළඹ ජාතික රෝහලට අයත් අය වූ නිසා ඒ අය ගුවනින් කොළඹට රැගෙන ඒමට ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ අය පුද්ගලික වියදම් දරා ඇතැයිද වාර්තා වුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVDfLSAxa75VxapwuL1OLDWXZlc2x2QMC4CRyxsXgOMks8oZKwfgHfuu1GYwHZVXGiXqFgcEiwT1BUAddtTxVcDW_CGzWcAGpj6hlzNxIB8tCKHDc95gntOi7L3WnuyfVfNsqr0-sKil8/s1600/15439913_1820953014827463_6980346472035500760_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwcCiKmxGGNsdOF01cJkc9Sl1YTLxrNGBh7X4TNJFsmseE0dauMmNSiiy65PBTH09tl7MfUu-Cb6WXiSKQ5At7mSUKNUBa7Aigsv6LZ0g5eUn8CqJr3u0LJ06aHlxkFZHuYzVlUO8CsI4/s1600/15541546_1820952944827470_7452344156829523647_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEkCw4VoozISoj_uSqhCB2Fe5G1tz9LcxJEz4Ew9_vSB4-Q3-PYApwWpQIVmmXQkdUWvgrz3Yh1iXZ-vEzqPkNU5aAg5DqgComU2CHfKZ6uFu-fHyrul9XQVaSUnpHqoscm82DgY-I3dc/s1600/15542344_1820953098160788_369110013399969340_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9e_o8RY2H7zJBdWbLo07ErFfn1n-tLszYpyRdyi9pmvnAwJnpwNwF9jaouSDhemOaidjcpgUnw6UfmzabNE0in1uzKozMOcAvaZyvDLnYNryb_7xlTN4qAYLYw6-Qau_wNfOM-b-9bEA/s1600/15578424_1820952981494133_5743031099215167283_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR1kSLR3bID4n3P6Cl_MhtPePVduU-tVvXmUvD6RAEKzTZrLuoAQydeYwc7S8ah_GfjE8wanLWBMRPePPtsuKAWVpCzHIG308ekwZCm7O5ZLpcieWjsyuTb5mqyFysx-e9aTILb59eZg8/s1600/15578467_1820952961494135_612007007555998733_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9EyR5vrDJ7-HYQi4fczi2-pK2Ua0yfz_qylJk8tuIooOE82Dv9Ez_LC8a5gnh-UhAFVc_oWwYVHnyng7i_o1XV3s64N9AXPqqHHP3pecu9r4B5AAmZY-i9-igm_8Q-0VtbzH47yBghGI/s1600/15589601_1820952931494138_8764315511497158046_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRJomJpenZ3nktaMVYvBvnQL9Y4bQiBx-gL7AHDfkDYmJLkPrAtjINvmz9aO5cLWcCfCSeOhRAUCqD40zsUUu0QCjJhsG1rgiRQNCEZmI77FI7dPRAuCdzeEGexijbN4vefaXpRKTia24/s1600/15621970_1820952998160798_311747185733488426_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_hxIfvVHqYpWtDVr_7n7vndI3YowRJQAwotAanDRK6c5M8hNj1awT0lqAgOqFFbJGG-XbDNobmIK_IBnmqnsd6CXdgVIjutntxyWv87En43rooSe3Xbi6F2gNgdO9ErE_xYjlJVinCOo/s1600/15621984_1820953058160792_7939307160712445918_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifiyhGTEMtrdDN7gDIYXNmyh_zrw81oFLbPfhmGtSnd0xJzUvf_baD4jkKClQHyE97M_cyQL6LizSxQzi_4b_IW20KThldkucpJRO00Ufal2RHJGTestKqSS-cPcIcF1L4TYlynmiYiag/s1600/15622769_1820953038160794_8477977318223394757_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiziT2yBKlCRe2MSI8YaepD2a9FQeOe025B-RBOYkemA1SHjg5aPTLv_jrfGElIiOuyjXasiLUHDO9PbBn50T__ypgXSCnWdxxTpAiEEQ-u0WJ7IaZ8TvUmSQzVRmiHrtK4JxzmrUBeSkY/s1600/bus-and-van-collision-in-jaffna.jpg)
Related