81දී යාපනය පුස්තකාලය ගිනිතැබීම ගැන අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී සමාව ගනී

1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික...

1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ අද (දෙසැ.06) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීය.

“අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා” අගමැතිවරයා පැවසීය.

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6840179806404866521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item