රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නැහැ - රජයේ සහ මහා පරිමාණ මෝල් වල ව්‍යාජ මවාපෑමක්

රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නොමැතිව තිබියදී ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවාපාමින් රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව සූරාකෑමට ඉඩ ලබාදී...



රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නොමැතිව තිබියදී ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවාපාමින් රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව සූරාකෑමට ඉඩ ලබාදී ඇති බව සුළු හා මධ්‍ය පරිමා‍ණ වී මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි. 

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) දින දඹුල්ල නගරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී මාධ්‍ය ඇමතූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ මහා පරිමාණ වී මෝල් කිහිපයක අවශ්‍යතාව පරිදි වී අලෙවි මණ්ඩලය ක්‍රියා කරන බැවින් අද සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම රටේ සහල් හිඟය හා වී හිඟය කෘතිමව ඇතිකර පාරිභෝගික ජනතාවත් කුඩා පරිමාණ වී මෝල් හිමියාත් සූරාකෑමකට ලක්කර ඇති බව ඔහු පවසා සිටියේය. මහා පරිමාණ මෝල් හිමියන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයක් සඟවාගෙන සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොළොන්නරුව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේ පාරිභෝගික නීතිය යටතේ සහල් මිල ඉහළ දැමීමට නොහැකි බවයි. උපරිම මිල රජය මඟින් ගැසට් කර තිබෙන බැවින් නාඩු සහල් කිලෝව අ‍ලෙවි කළ හැකි මිල රුපියල් 68 ක් හා සම්බා කිලෝව අ‍ලෙවි කළ හැකි මිල රුපියල් 77ක් බවත් ඔහු පැවසීය. එහෙත් රජයේ වී සඳහා සහතික මිලත් සමඟ නාඩු සහල් කිලෝවක් රුපියල් 80කටත්, සම්බා සහල් කිලෝවක් 85ක් දක්වාත් පාලනය කිරීමට හැකියාව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

වී අ‍ලෙවි මණ්ඩලය විසින් ඉතා සූක්ෂම ලෙස රජය සතු වී තොග මහා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම මෝල් හිමියන් මේ වනවිට විශාල වී තොග ගොවීන්ගෙන් මිලදී ගෙන ගබඩා කරගෙන වැඩි මිලයට හාල් අලෙවි කිරීමට කටයුතු කරන බවත්ය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් කරුවන්ගේ සහ වී තොග රැස්කරන්නන්ගේ සංවිධානයේ සාමාජිකයන් පවසා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1621222853720599896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item