සිංහල මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට විග්නේෂ්වරන් නිහඬයි

සිංහල මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට තමන් පිළිතුරු නොදෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළාත් සභාවේදීම ප්‍රකාශ...

සිංහල මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට තමන් පිළිතුරු නොදෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළාත් සභාවේදීම ප්‍රකාශ කළ බව එහි විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන වී. ජයතිලක පවසනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි ඔහු මේ බව පැවසුවේ.

ප්‍රධාන අමාත්‍යවරයාට අයත් අමාත්‍යංශ මගින් සිංහල ජනතාවට සිදුවන සේවය ප්‍රමාණවත් නොවන බව පළාත් සභාවේදී තමන් පෙන්වා දුන්නේ යැයි ද
වී. ජයතිලක මන්ත්‍රීවරයා පැවසුවා.

විශේෂයෙන්ම උතුරු පළාත් සභාවේ සියලූ කටයුතු දෙමළ භාෂාවෙන් පමණක් සිදුකිරීම සිංහල ජනතාවට අසාධාරණයක් බව තමන් එහිදී පෙන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

එහෙත් උතුරු පළාත් සභාවට සිංහල නිලධාරීන් අවශ්‍ය නොවන බවත්, සිංහල මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට තමන් පිළිතුරු නොදෙන බවත් සී.වී. විග්නේෂ්වරන් එහිදී ප්‍රකාශ කළේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6540372612822448203

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item