කුරුණෑගල එස්‌. අයි.ට වෙඩි තිබ්බේ පානදුර පොලිසියෙන් පැන්නූ පිස්‌තෝලයෙන්

කුරුණෑගල පොලිසියේ උප පොලිස්‌ පරික්‌ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් නිලධාරීන් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ග...

කුරුණෑගල පොලිසියේ උප පොලිස්‌ පරික්‌ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් නිලධාරීන් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාතාල නායක ගොනාකෝවිලේ රොහා සතුව තිබී සොයාගත් පිස්‌තෝලය පානදුර පොලිසියෙන් අතුරුදන් වූ පිස්‌තෝල තුනෙන් එකක්‌ බව පරීක්‌ෂණවලින් හෙළිවී ඇත.

පානදුර පොලිසියේ සේවය කළ සැරයන්වරයකු මීට වසර කිහිපයකට පෙර මෙම පිස්‌තෝල තුන සොරාගෙන ඇති අතර පසුව ඔහු ඉන් එක්‌ පිස්‌තෝලයක්‌ පාතාල නායක රොහාට රුපියල් ලක්‌ෂ එකහමාරකට විකුණා ඇතැයි පරීක්‌ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම පිස්‌තෝල සොරා ගැනීම සම්බන්ධයෙන් පානදුර පොලිසියේ සැරයන්වරයා මීට ඉහතදී අත්අඩංගුවට ගන්නා ලදී.

කුරුණෑගල වෙඩි තැබීමේ සිද්ධියට ගොනාකෝවිලේ රොහා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු සතුව තිබී පිස්‌තෝලයක්‌ සහ මිනිබුෂී වර්ගයේ ස්‌වයංක්‍රීය ගිනි අවියක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

පානදුර පොලිසියෙන් සොරාගන්නා ලද ගිනි අවියේ අංක පවා වෙනස්‌ කර තිබූ බව පොලිසිය පවසයි. පොලිසියෙන් සොරාගත් අනෙක්‌ ගිනිඅවි දෙක මෙතෙක්‌ සොයාගෙන නොමැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6630506846265778936

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item