ජනාධිපතිගේ ගමේ සහල් මිල දවසින් දවස ඉහලට

පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් දවසින් දවස සහල් මිල ඉහල දමමින් පාරිභෝගිකයා සූරාකෑම පටන් අරගෙන ඇතැයි පොලොන්නරුවේ ජනතාව පවසති. මේ දිනවල පොලොන්න...

පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් දවසින් දවස සහල් මිල ඉහල දමමින් පාරිභෝගිකයා සූරාකෑම පටන් අරගෙන ඇතැයි පොලොන්නරුවේ ජනතාව පවසති. මේ දිනවල පොලොන්නරුව හා කදුරුවෙල නගරවල සහල් මිල ගණන් පිරික්සීමේ දී නාඩු සහල් කිලෝව රුපියල් 89ත් 90ත් අතර මිල ගණන් වෙයි. සම්බා සහල් කිලෝවක මිල රුපියල් 95ක් වන අතර ඇතැම් තැනෙක එය රුපියල් 100 ද ඉක්මවයි.

සුලු ව්‍යාපාරිකයන් පවසන්නේ තමන්ට තොග මිල ට දෙන්නේත් ඉහල මිලකට බැවින් මිල අඩු කළ නොහැකි බවයි. මේ අතර කුඩා මෝල් හිමියන් ළග වී තොග අවසන්වීම නිසා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් සීමිත සහල් තොග වෙළදපලට නිකුත් කිරීම නිසා මෙසේ මිලගණන් ඉහල යාමට හේතුවී ඇතැයි පොලොන්නරුවේ ජනතාව පවසති. සහල් මිල පාළනයක් වහාම ඇති නොකළ හොත් ඉදිරි උත්සව සමයේසහල් මිල රුපියල් 100-120ත් අතර මිල ගණන් දක්වා වැඩි විය හැකි බවත් ඇතැම් වෙලෙන්දන් සහල් මිල ප්‍රදර්ශනය කිරීමක් ද නොකරන බවත් මාස් කන්නයේ වැසි නොලැබීම නිසා ගොවි බිම් පුරන් වීමෙන් ඉදිරි වසරේ දැඩි ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවත් අනතුරු අගවති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6454029309805174689

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item