චෝප්පෙට ඇඳ හමුදාව ජනතාවගෙන් දුරස් කිරීම

නාවික හමුදාපති විජයගුණරත්න මාධ්‍යවේදියාට පහරදීම සම්බන්දයෙන් අද පවතී මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය. අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා ...

නාවික හමුදාපති විජයගුණරත්න මාධ්‍යවේදියාට පහරදීම සම්බන්දයෙන් අද පවතී මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා සිදුවුණ නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදින්ටත් වැඩවර්ජකයන්ටත් පහරදීම සම්බන්දව අපි දකින්නේ ඉතාමත් වෙනස් විදිහකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම තවත් එක් හුදකලා සිදුවීමක් නෙවෙයි. නාවික හමුදාපතිවරයා විතරක් තනියම වගකිව යුතු නෑ. මරදානේ චෝප්පේ වගේ හමුදාපතිවරයාට හැසිරෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව. මාධවේදීන්ගේ නම් කියමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී අපහාස කරනවා අපි දැක්කා. මාධ්‍යවේදීන්ට රිරියාකා, මහසොහොනා, සට්ටැබිරාල වගේ කියන්න පුළුවන් අපහාසාත්මක නම් සේම කියලා මේ මාධ්‍ය කියන්නේ නරක, පහර දිය යුතු හෙලා දැකිය යුතු සමාජයට විෂබිජයක් බවට අවශ්‍ය මතය මානසිකත්වය නාවික හමුදාවෙත් සමාජයෙත් ගොඩනගන්න අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරා. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එකවරක් ඒකාබද්ධ විපක්ෂය කියන නම පාවිච්චි කොලොත් බලාගෙනයි කියලා ලියුම් දානවා. CSN නාලිකාවේ බලපත්‍රය අහෝසි කරනවා. හිරු සහ දෙරණ නාලිකා වල බලපත්‍රය අහෝසි නොකිරීමට නිදහසට කරුණු අහනවා. මේ මාධ්‍ය කියන්නේ මහ කරදරකාරයෝ ටිකක් රට ඉදිරියට යන එකකට බාධා කරන පිරිසත් මුන්ට දෙකක් නෙලන්න ඕනේ කියන මානසික මට්ටම අවුරුදු දෙකක කාලයක සිටන් ක්‍රමානුකුලව ගොඩනැගුවා. අපි දන්නවා බෝට්ටුවක අනුනව දෙනෙක් නැගලා ඉදලා බෝට්ටුව දැන් තියෙන්නේ වතුර මට්ටමට ගෑවෙන්න සියවෙනියා නැග්ග ගමන් බෝට්ටුව ගිලෙනවා දැන් හැමෝම බනින්නේ අර සියවෙනියට. අර අනුනවයම නැතුව සියවෙනියා නැග්ගම බෝට්ටුව ගිලෙනවද නෑ ඒවගේ තමයි අද නාවික හමුදාපතිවරයාට ඇගිල්ල දිගු වුණාට මේක මාධ්‍ය මර්ධනය සදහා අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව ගෙන යන තවත් එක් දිගුවක් විදිහටයි අපි දකින්නේ. නාවික හමුදාපතිවරයා මේකට වගකිව යුතු වගේ, ඔහු ඉල්ලා අස්විය යුතු වගේම, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් මේ මාධ්‍යෙව්දින්ටත් වැඩවර්ජකයන්ටත් පහර දීමේ වගකීම බාරගත යුතුයි කියන එක තමයි පිවිතුරු හෙළ උරුමයේ ස්තාවරය. 

මා මිත්‍ර රුවන් විජේවර්ධන මහතා මේක ආරක්ෂා කරන්න කියලා තිබුණා මේක මුහුදේ සිද්ධ වුණ දෙයක් නැවක් වෙත කෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තාම නාවික හමුදාව තමයි කැදවන්නේ. සම්පුර්ණ ඇත්ත හැබැයි මේ ප්‍රශ්න සහිත කාරණය සිද්ධ වුණේ නැවේ නෙවෙයි ගොඩබිම. නාවික හමුදාපතිවරයා පහර දෙන්නේ ඔවුන්ව ඇදගෙන යන්නේ මේක සිද්ධ වෙන්නේ නැවේ දී නෙවෙයි. නැව නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී නෙවෙයි. අපි අහන්නේ ලෝක ඉතිහාසයේම නාවික හමුදාපතිවරයෙක් නිල වශයෙන් රාජකාරියේ යෙදිලා ඉන්න කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන රාජකාරි කරපු එකම එක වතාවක් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කොටිත් එක්ක යුද්ධ කරන සමයේ නම් හමුදාව වෙස්වලාගෙන යනවා නිල ඇදුමෙන් ගියාම පහර දීමට ලක්වෙන නිසා නමුත් සමාන්‍ය ජනතාව අතරට යන විට නාවික නෙවෙයි ඔනේම හමුදාවක් නිල ඇදුමෙන් සිටිය යුතුයි. නැත්නම් ජනතාව දන්නේ කොහෙමද නාවික හමුදාවේ ද නැත්නම් මැර හමුදාවේ ද කියලා. පෙනුම වචන හැසිරීම යන තුනම එකට ගත්තාම මම සතුටු වෙනවා නාවික හමුදාපතිවරයා ගුටිනොකා බේරීම පිළිබදව. ජනතාව වටවෙලා පහර දෙන්නත් තිබුණා කොහේදෝ යන රස්තියාදුකාරයෙක් කියලා. මේ ක්‍රියාව නිසා අද නාවික හමුදාවේ කිර්තීනාමය අද පළදුවෙලා තියෙනවා. අපේ රණවිරුවා කියන්නේ මහා මැර අහිංසක ජනතාව මරණ කියන ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය හරහා ලෝකය පුරා ස්තාපිත කරන්න දෙමළ බෙදුම්වාදීන් උත්සහ කරන මෙහොතක තමයි නාවික හමුදාපතිවරයා මෙසේ හැසිරුනේ. රණවිරුවන් අප කිර්තියට පත් කිරිම සදහා අපේ නාවික හමුදාපතිවරයා දැන හෝ නොදැන කොටස්කරුවෙක් බවට පත්වෙලා තියෙනවා. නාවික හමුදාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා අපි දැක්කා වැඩ වර්ජනයේ යෙදි සිටිය වරායේ සේවකයන් අඩ අඩ කියා සිටියේ අපේ ඉඩම් නැති වුණා දැන් රස්සාව නැතිවෙන්න හදන්නේ එකයි අපි පාරට බැස්සේ ඇයි තුවක්කු අරන් අපිට ගහන්න එන්නේ ඔබ උතුරේ යුද්ධ කරද්දි ලේ දුන්නේ අපි. බොධි පුජා කරේ අපි එහෙම කරපු අපට ද මේ ගහන්නේ කියලා ප්‍රශ්න කරන අපි දැක්කා. මේ කරන්න හදන්නේ අතුරුදහන් වුවන්ගේ කාර්යාල හරහා යුධ අපරාධ ක්‍රියාවලිය හරහා රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දි පාරට බහින්න ඉන්න ජනතාව සහ රණවිරුවන් අතර ආරවුලක් ඇති කරලා දුරස් කරන්නයි මේ සුදානම් වෙන්නේ. ආණ්ඩුවේ පැත්ත අරන් අපිට ගහන්න ආපු කෙනා විදිහට රණවිරුවන් පේනවා නම් අපි සමස්ත හමුදාවටම කියනවා ඔබේ වගකීම ආණ්ඩුව රැකීම නෙවෙයි රට සහ ජනතාව රැකීමයි. ඔබ ආණ්ඩුව රකින්න ගියොත් ජනතාව ඔබව නොසලකා හරින්න පුළුවන්. රණවිරුවා රැක ගන්න පාරට බහින්න ඉන්න ජනතාවගේ හැගීම් මරා දැමිම තමයි ඊළග අරමුණ. 

අපි කිව්වා මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමත් කියනවා. ඒවගේම අපි දැක්කා ගරු පා ච රණවක ඇමතිතුමත් කිව්වා ජනමත විචාරණයක් තිබ්බොත් පාරාදයි කියනවා. එම නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ඉදිරි වසර තුන ජනතාව ප්‍රතිමුර්ත වන ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යන්න ඔනේ. එහෙම නැත්නම් එක විකල්පයක් තියෙනවා හමුදාව සහ පොලිසිය යොදා ගෙන ජනතාවගේ හඬ යටපත් කරගෙන ඉදිරි වසර තුන මේ රට පාලනය කිරීමට. හම්බන්තොට දී නාවික හමුදාව යොදා ගනිමින් පෙන්නුවේ මේ ආණ්ඩුව 1987 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කල ආකාරයට හමුදා බලයෙන් පොලිස් බලයෙන් මැර බලයෙන් ජනතාව යටපත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදානම් කියන පණිවිඩයයි ලැබුණේ. ජනමත විචාරණයේ දීත් 1982 කල ආකාරයටම ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් හරහා මේ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් සම්මත කර ගන්න ඉඩ තියෙනවා. ජේ ආර් ජනාධිපතිවරයා දැක්කා ජනමත විචාරනය පරදිනවා කියලා ඒක නිසා මැර බලයෙන් දුෂිත ආකාරයට ජනමත විචාරනය ජයග්‍රහනය කර ගත්තේ. මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතෙක් ලංකාවේ පැවැති දුෂිතම මැතිවරණය මෙයයි කියලා. මේ සිද්ධිය පිටුපස ලංකාව අදුරෙන් අදුරට යන අදුරු සෙවනැලි තියෙනවා කියන අනතුරු ඇගවීම තමයි අපේ විග්‍රහය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1473888659379425409

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item