විරෝධතාවක් අත්හිටුවන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල හෙට (03) පැවැත්වීමට නියමිත විරෝධතාවක් අත්හිටුවමින් තහනම් නියෝගයක් ...

ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල හෙට (03) පැවැත්වීමට නියමිත විරෝධතාවක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉදිරිපත් කෙරුණු ඉල්ලීමක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) ප‍්‍රතික්ෂේප කළා.

මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේ වැලිකඩ පොලිසිය විසින්. ඒ අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය අදාළ පාර්ශ්වයන්ට කොන්දේසි සහිතව විරෝධතාවයේ නිරත වීමට අවසර ලබාදුන්නා.

ඒ අනුව පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුළු නොවී වාහන ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයට සහ මහජනතාවට පීඩාවක් නොවන පරිදි විරෝධතාව සිදුකරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා අදාළ සංවිධායකයින්ට නියෝග කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4049406078209250880

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item