රට පාලනය කරන්නේ පරපෝෂිත රැලක් - අනුර දිසානායක

වැඩකරන ජනතාවගේ ධනයෙන් යැපෙන පරපෝෂිත රැලකින් රට මුදාගැනීම අද වාමාංශික දේශපාලනය හමුවේ පවතින අභියෝගය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන...

වැඩකරන ජනතාවගේ ධනයෙන් යැපෙන පරපෝෂිත රැලකින් රට මුදාගැනීම අද වාමාංශික දේශපාලනය හමුවේ පවතින අභියෝගය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් නොවන බව දිසානායක පෙන්වා දෙයි. එහෙයින් එවන් පරිසරයකින් රටත් ජනතාවත් මුදාගැනීම දැන් ප්‍රමුඛතම කාර්යබව හෙතෙම කියා සිටියි. 

අන් කවරදාටත් වඩා අද අපේ රට බෙලහීන රාජ්‍යයක් බවට පත්ව ඇති බව පවසන අනුර දිසානායක සඳහන් කරන්නේ කිසිදු ජන කොටසකට අද තෘප්තිමත්ව ජීවත්විය නොහැකි බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකිනෙකාට සතුරුභාවයෙන් බලන තත්ත්වයකට රට පත්වීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවද ඔහු පෙන්වාදෙයි. අධිපරිභෝජනවාදයට යටවුණු පාලකයන් පිරිසකට රට ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරන මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික සමඟිය ගොඩනැගුණු අරමුණක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වියයුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2767372821752191845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item