ඇමතිවරුන් තිදෙනෙකුගේ විෂයන් හදිසියේ වෙනස් වන ලකුණු

බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තුන් දෙනෙකුගේ විෂයන් සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා න...

බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තුන් දෙනෙකුගේ විෂයන් සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඇති වී තිඛෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිංහලයන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ දිගින් දිගටම කතා කිරීම සහ සිය අමාත්‍යංශයේ කටයුතු නියමිත පටිපාටීන්ට අනුකූලවම පමණක් සිදු කිරීම මෙම සාකච්ඡාවේ දී විවේචනයට ලක්ව ඇතැයි සඳහන්.

විෂයන් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිඛෙන එක්සත් ජාතික පක්ෂයේ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා ද වෙනත් අයගේ බලපෑම් සැලකිල්ලට නොගෙන ස්වාධීනව සහ නියමිත පටිපාටීන්ට අනුවම පමණක් සිය අමාත්‍යංශවල කටයුතු කරන බව මෙහි දී ප්‍රකාශ වී තිඛෙනවා.

අදාළ විෂයන් සංශෝධනය කඩිනමින් සිදු කළ යුතු බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළ බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7140596227380437333

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item