ඒකීය රාජ්‍යය පිළිගන්නේ නෑ - සම්බන්ධන් රජයට දන්වයි

ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත. ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්‌සත් ...

ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත.

ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්‌ථාවේදීද ද්‍රවිඩ සන්ධානයේ මෙම ස්‌ථාවරය ගැන ප්‍රකාශ කර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය තමන් පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධානය රජයට සෘජුව ප්‍රකාශ කළ මුල් අවස්‌ථාව මෙයයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවලින් පසුව ද්‍රවිඩ මාධ්‍ය වෙත කරුණු දක්‌වා ඇති ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර්. සුමන්තිරන් මහතා පැවසුවේ ඒකීය රාජ්‍යයක්‌ තුළ තමන් පාලනය වීම සඳහා ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ සන්ධානයට වරයක්‌ දී නැති බවයි.

සාධාරණ බලය බෙදීමක්‌ මත පොලිස්‌ හා ඉඩම් බලතල ද අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6916472354969291977

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item