ජයලලිතාගේ අභාවය ගැන මෛත්‍රී - මහින්ද ශෝකය පල කරයි

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කර තිබේ. සිය ට්විටර් ගිණුමේ ...

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජයලලිතා ජයරාම් තමිල්නාඩු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වු නායිකාවක් බවයි.

ඇයගේ අභාවය වෙනුවෙන් තමිල්නාඩු ජනතාව වෙත සිය සංවේගය පළ කරන බව ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්ය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝකය පළ කර තිබේ.

ඉන්දියාවේ දෙමළ ජනතාවගේ හදවත් ග්‍රහණය කරගැනීමට ඇය සමත් වු බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඇයගේ අභාවය වෙනුවෙන් පවුලේ සාමාජිකයින්ටත් තමිල්නාඩු ජනතාවටත් සිය ශෝකය පළ කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 908702461382988029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item