සාගල රත්නායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පති තමන් ගැන තීරණයක් ගත යුතුයි - ජනපති උපදේශක ශිරාල්

පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතන අතරතුර පොලිස්පතිවරයාට දුරකතනය ඔස්සේ අමතමින් නියෝග දෙනු ලැබුවේ ඇමති සාගල රත්නායක නම් ඔහු එහි වගකීම ...

පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතන අතරතුර පොලිස්පතිවරයාට දුරකතනය ඔස්සේ අමතමින් නියෝග දෙනු ලැබුවේ ඇමති සාගල රත්නායක නම් ඔහු එහි වගකීම බාරගෙන අනිවාර්යෙන්ම ධුරයෙන් ඉල්ලා අස්වයි යුතු බව ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි.

ඔහු තවදුරත් පවසා සිටියේ, ‘මට පේන විදියට නීතිය හා සාමය පිලිබඳව ඇමති තුමාත් එක්ක තමයි කතාකරන්නේ, ඉංග්‍රීසියෙන් කතාකරන ඇමතිවරු ඉන්නේ අතලොස්සයි. ඒ අනුව පොලිස්පතිවයා සර් කියලා අමතනවා නිලමේ ගැන කියනවා ඒ අනුව අනුමාන කල හැකියි මෙය නීතිය හා සාමය පිලිබඳව ඇමති තුමාගේ දුරකතන ඇමතුමක් කියලා. පොලිස්පතිවරයාට එම දුරකතන ඇමතුම ලබාදීමට කටයුතු කොට ඇත්තේ අදාළ අමාත්‍යවරයා නම් ඔහු නිසැකවම ඉල්ලා අස්විය යුතුය’

පොලිස්පතිවරයා ඒ මත ක්‍රියා කිරිම සිදු කොට ඇති ආකාරයෙන් ඔහුටද ඒ ඉරණමම අත් වන බවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරද මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවන බව යන්නයි එතුමාගේ පසුගිය දා කරපු ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ යයිද ශ්‍රිරාල් ලක්තිලක පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 736317476303346292

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item