වරාය විකිණීමට එරෙහිව කළුකොඩි විරෝධතා සතියක්
හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයට විරෝධය පා ජනවාරි 02 වැනිදා සිට කළුකොඩි ඔසවා තැබීමේ ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා වරාය පොදු සේ...
https://www.sathhanda.com/2016/12/blog-post_646.html
හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයට විරෝධය පා ජනවාරි 02 වැනිදා සිට කළුකොඩි ඔසවා තැබීමේ ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.
සෑම වරායක් තුළම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ආයතන තුළ හා වාහනවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත්, කළුකොඩි පැලඳ රාජකාරි කටයුතු කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ජනවාරි 08 වැනිදා හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම අත්සන් කරන බවත්, එය පරාජයට පත්කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.
Related