දුමින්දයි-අමරවීරයි පිට්ටු ගිලලා

යහපාලන ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීමේ දිනයක් හරි ආකාරව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි ...

යහපාලන ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීමේ දිනයක් හරි ආකාරව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේ පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළද, පළාත් පාලන අමාත්‍යවරයා තවත් දෙයක් ප්‍රකාශ කරන බව ඒ මහතා කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව විසින් මැතිවරණයට බිය වී ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණය මගින් ශ්‍රීලනිපය 80%-90%ක් ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවයි.

එජාපයේ පිරිස් දිනෙන් දින ශ්‍රීලනිප පිරිස් ආණ්ඩුවෙන් නෙරපා දැමීමට සූදානම්වන බවත්, මෙම තත්ත්වයන් හමුවේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සක් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා පිට්ටු ගිලලා මෙන් බලා සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

දිගම්බරම් හා මනෝ ගනේෂන් වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ශ්‍රීලනිපයේ පිරිස්වලට ආණ්ඩුවෙන් යන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන බවත්, මෙවැනි ප්‍රකාශයන් හමුවේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිපයේ අයට ලැජ්ජාවක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම ආණ්ඩුව සමූපකාර ඡන්දයටත් බිය වී ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපයේ පිරිස් අසූචි වළට වී බලා සිටින බවයි.

මේ අවස්ථාවට එක් වූ මදුර විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ දෙසැම්බරයේ මැතිවරණය නොපැවැත්වුවහොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉවත් වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහුට දැන් එම කාලය එළඹ ඇති බවයි.

එමෙන්ම වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා යහපාලන ආණ්ඩුවේ ඉත්තෙකු වී ඇති බව ඒ මහතා කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4843095437422787839

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item