ශ්‍රීලනිප ඇමතිවරු ව්‍යාජ යූඑන්පි විරෝධයක් මවා පෙන්වනවා
පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා විදේශගතවීම සීමා නීර්ණ වාර්තාව තවදුරටත් ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් යැයි පා.ම ඩලස් අලහප්පෙරුම ප...
https://www.sathhanda.com/2016/12/blog-post_730.html
පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා විදේශගතවීම සීමා නීර්ණ වාර්තාව තවදුරටත් ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් යැයි පා.ම ඩලස් අලහප්පෙරුම පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ වාර්තාව ඊයේ විෂයබාර ඇමතිවරයා වෙත බාරදීමට නියමිතව තිබියදී ඔහු විදේශගතව ඇති බවයි.
ඔහු නැතිනම් නියෝජ්‍ය ඇමතිවරයාට වුවද ලබාදීමට හැකියාව තිබියදී නැවතත් පරිවර්ථන දෝෂයක් යැයි කියමින් එය යළිත් කල්දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම තුළ ඇත්තේ උපක්‍රමයක් බව පැහැදිළි යැයි ඔහු එහිදී කියා සිටියේය.
එසේම අදාළ වාර්තාව අගමැතිවරයා වෙත ලබාදීමට අවශ්‍යතාවයක් නැති බවද පෙන්වාදුන් මන්ත්‍රීවරයා එය අද දහවල් වන විට ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය ඇමතිවරයා වෙත ලැබී ඇතැයි දැනගන්නට ලැබුණු බවද පැවසුවේය.
මේවන විට ආණ්ඩුව තුළ සිටින ඇතැම් නිදහස් පක්ෂ මන්ත්‍රීන් ව්‍යාජ යූඑන්පී විරෝධයක් මවා පෙන්වන බවත්, ඔවුන්ගේ ඇතැම් හැසිරීම්වලින් එය පෙනෙන්නට ඇති බවත්, යූඑන්පියේ සැලැස්ම 2020දී බලය ලබා ගැනීම බවත්, හෙතෙම කීවේය.
ආණ්ඩුවේ සිටින ඇතැම් ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ පෙකණිවැල කපා ඇත්තේ කොළපාට කතුරකින්දැයි සැකයක් මතුවන බව පැවසූ මන්ත්‍රීවරයා " රෙද්දේ තුත්තිරි තිබ්බොත් පත්තිණි අම්මත් විශ්වාස කරන්න එපා" කියා කතාවක් ඇතැයිද පෙන්වාදුන්නේය.
Related