ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් - ජීවිත හානි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි, අචේ පළාතේ සිදුවූ රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ...

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි, අචේ පළාතේ සිදුවූ රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති නිසා පුද්ගලයන් ඒ තුළ සිරවී සිටිනු ඇති බවද විශ්වාස කරයි.

අචේ පළාතේ ආපදා කළමනාකරණ ආයතන නිලධාරියෙකු විසින් ජීවිත හානි 20කට වඩා සිදුව ඇති බව තහවුරු කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

මේ අතර, තවත් 40කට ආසන්න පිරිසක් භූ කම්පනයෙන් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එරට වේලාවෙන් අලුයම 5.03 ට පමණ භූ කම්පනය සිදුව ඇති අතර, අචේ පළාතට උතුරින් පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 17.2ක් පමණ ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8652731387256014169

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item