දෙමළ ජාතික සංධානය තහනම් කරනු - ගම්මමන්පිල

"දෙමළ ජාතික සංධානය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්මයක් තමයි හැමට සැම අවස්ථා...

"දෙමළ ජාතික සංධානය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්මයක් තමයි හැමට සැම අවස්ථාව ලබා දීම. කොටි සංවිධානයේ පාලනයට උතුර නතු වෙලා තිබුණු සමයේ දෙමළ ජාතික සංධානය ඉතුරු කරලා ඊපිඩීපි සහ එජාප ප්‍රමුඛව අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලේමක්‍රියාකාරින් මරා දැම්මා. ඒ නිසා දෙමළ සංධානයට ඒකාධිකාරියක්හැදුනා." යයි අද පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අදහස් පැවසුවේය. වැඩි දුරටත් අදහස් දක්වමින් ,

පසුගිය සතියේ දී පාර්ලිමේන්තුව අමතමින් ලංකා ඉතිහාසයේ බිහි වූ හොඳම විපක්ෂ නායකයා සම්බන්දන් මහතා බව ජනපති සිරිසේන ප්‍රකාශ කළා. විසල් දැනුමකින් විපක්ෂය මෙහෙය වූ ආචාර්ය එන් එම් පෙරේරා, අත්දැකීමෙන් විපක්ෂය මෙහෙය වූ ජේ ආර් ජයවර්ධන හයෙන් පහක විසල් ආණ්ඩු බලයට එරෙහිවඅටදෙනෙකුගේ විපක්ෂය මෙහෙය වූ අනුර බණ්ඩාරනායක යන විපක්ෂ නායකවරුන්ට වඩා සම්බන්දන් මහතා ජනපති සිරිසේනට හොඳ වුණේ ඇයි?

ආණ්ඩුවේ අයවැයට කිසිම සංශෝධනයක් යෝජනා නොකර ඊට පක්ෂව ඡන්දය දුන් ලෝක ඉතිහාසයේ එකම විපක්ෂ නායක සම්බන්දන් මහතායි. මේක එක පාරක් නොවේ දෙපාරක්ම කළා. ආණ්ඩුව අමාරුවේ වැටෙන සෑම අවස්ථාවකම ආණ්ඩුව රැක දෙන්නේ නිල විපක්ෂ නායකයි. එවැනි විපක්ෂ නායකයෙකු ආණ්ඩුවේ පැත්තෙන් නම් හොඳම විපක්ෂ නායක බවට කිසිම සැකයක් නෑ.

ජාතියේ අවාසනාවට අද අපේ රටේ විපක්ෂ නායක ධූරය දරන්නේ තහනම් කළ යුතු පක්ෂයක නායකයෙක්. දෙමළ ජාතික සංධානය සෘජුවම කොටි ත්‍රස්තවාදයට සම්බන්ධයි. කොටි සංවිධානය ක්‍රියාත්මක සමයේ දෙමළ සංධානය ක්‍රියාත්මක වුණේ කොටි ත්‍රස්තවාදින්ගේ දේශපාලන අංශය ලෙසයි. එදා කිලිනොච්චියේ කොටි මූලස්ථානයට යන සම්බන්දන් මහතා තමිල් චෙල්වම් හමු වී උපදෙස් ගත් හැටි මතකයි. දෙමළ සංධානයට ඡන්ද දිනන්න කොටි උදව් කළා විතරක් නොවේ ජයග්‍රහණයෙන් පස්සේ කොටි වෙනුවෙන් දෙමළ සංධානය පෙනී සිටියා.

කැනඩා ආණ්ඩුව විසින් එම් කේ ඊලවනාදන් නමැති දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රි කැනඩාවෙන් පිටුවහල් කරන්න ගත් තීරණය ඔහු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. ඔහු තමන් දෙමළ ජාතික සංධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මිස කොටි සංවිධානයේ සාමාජිකයෙකු නොවන බව ප්‍රකාශ කළා. නමුත් කැනඩාවේ පෙඩරල් උසාවිය තීරණය කලේ කොටි සංවිධානය සහ දෙමළ ජාතික සංධානය යන දෙකම එකක් බවයි.

ඇත්තෙන්ම මේක අළුත් දෙයක් නොවේ. 2004 ජූනි 17 දින නිකුත් කළ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂක වාර්තාවේ ද දෙමළ සංධානය කොටි සංවිධානයේ දේශපාලන අංශය බව තහවුරු කරනවා.

ලෝකය පුරා යම් සන්නද්ධ අංශයක් පරාජය කළාමඑහි දේශපාලන අංශය තහනම් කිරීම ලෝක සම්මතයක්. 1945 දී හිට්ලර්ගේ පරාජයෙන් පසු මිත්‍ර පාක්ෂික රටවල් ජර්මනියේ නාසි පක්ෂය තහනම් කළා. අදටත් එය තහනම් පක්ෂයක්. ඒ වගේම 2003 දී නේටෝ හමුදා ඉරාකයේ සදාම් හුසේන් පරාජයට පත් කළාට පස්සේ එහි දේශපාලන අංශය වුණුබාත් පක්ෂය තහනම් කළා.

දෙමළ ජාතික සංධානය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්මයක් තමයි හැමට සැම අවස්ථාව ලබා දීම. කොටි සංවිධානයේ පාලනයට උතුර නතු වෙලා තිබුණු සමයේ දෙමළ ජාතික සංධානය ඉතුරු කරලා ඊපිඩීපි සහ එජාප ප්‍රමුඛව අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලේමක්‍රියාකාරින් මරා දැම්මා. ඒ නිසා දෙමළ සංධානයට ඒකාධිකාරියක්හැදුනා. කොටින් හදා දුන්නුඒකාධිකාරියටපිං සිද්ධ වෙන්නයි දෙමළ සංධානය උතුරේ ඡන්ද දිනන්නේ. උතුරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලැබීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂයට සදාම්ගේ බාත් පක්ෂයට අත් වුණු ඉරණම දෙමළ සංධානයටත් අත් කර දිය යුතුයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4257194972424400051

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item