මුදල් ඇමතිට අපි අභියෝග කරනවා

රටේ සමස්ත මුදල් ක්‍රමයේ, ණය ක්‍රමයේ, බැංකු ක්‍රමයේ, විදේශ විනිමය වෙළඳපොළේ, කොටස් වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළේ ඉතිහාසයේ නොවූ විරූ අර්බු...

රටේ සමස්ත මුදල් ක්‍රමයේ, ණය ක්‍රමයේ, බැංකු ක්‍රමයේ, විදේශ විනිමය වෙළඳපොළේ, කොටස් වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළේ ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු පිච් රේටින් ආයතනය විසින් ණය ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව බී ප්ලස් නෙගටිව් තත්ත්වයට මේනිසා පහත හෙළා ඇති බව  පෙන්වාදෙයි. 

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය. 

“මේ තත්ත්වයට වගකිව යුතු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මුදල් විෂය භාර ඇමති අනිත් කෙනා අග්‍රාමාත්‍යවරයා. ඒ වගේම මේ පත්වීම් කරපු ජනාධිපතිවරයත් මේ තත්ත්වයට වග කිව යුතුයි. මුදල් විෂය භාර ඇමති කිසිදු වගකීමෙන් තොරව ද්වේෂසහගතව කියන ප්‍රකාශත් මේකට හේතු වෙලා තියෙනවා. 

ඔහු ප්‍රකාශ කළා මහින්ද රාජපක්ෂ සමයේදී රුපියල් 5000 නෝට්ටු ව්‍යාජ අන්දමින් පිට වෙලා තියෙනවා කියලා. ඒකාබද්ධ විපක්ෂය විදිහට අපි අභියෝග කරනවා පුළුවන් නම් මේක ඔප්පු කරන්න කියලා.
ඒ සඳහා ඕනෑම ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට එන්න කියලා අපි අභියෝග කරනවා.“




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1797032619400124429

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item