අගරදගුරු හිමිට අපහාස කල අඳබාල ඕශල හේරත්ගේ ඇත්ත මෙන්න

පසුගිය සතියේදී ලොව උසම නත්තල් ගස ශ්‍රී ලංකාවේ ඉදි කිරීම පිළිබද අප සැමගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබදව අගරදගුරුහිමි සිදුකල ප්‍රකාශයකින් අනත...

පසුගිය සතියේදී ලොව උසම නත්තල් ගස ශ්‍රී ලංකාවේ ඉදි කිරීම පිළිබද අප සැමගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබදව අගරදගුරුහිමි සිදුකල ප්‍රකාශයකින් අනතුරුව නත්තල් ගසේ වැඩ කටයුතු නතර කිරීමට ද සිදු විය.

මෙම සිදුවීම පිළිබදව සමාජයේ විවිධ කතාබහා ඇති වූ අතර මෙහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන ෆේස්බුක් පිටුවක් මගින් අගරදගුරුහිමියන් ඉතා නිර්ලජ්ජ ලෙස විවේචනය කරමින් අපහාස කල ආකාරය දැක ගත හැකි විය.

UPFA-Brighter Future නැමති මෙම දේශපාලන ෆේස්බුක් පිටුව ඕෂල හේරත් නැමති අයෙකු විසින් පාලනය කරන්නකි.

පසුව එම ෆේස්බුක් පිටුව මගින් අගරදගුරුගිමියන්ට කල අපහාසය හේතුවෙන් ශ්‍රී ලංකා කතෝලික සංගමයක් විසින් විශේෂ මාධ්‍යය හමුවක් පවත්වා ප්‍රකාශකර සිටියේ ඕෂල හේරත් නැමති UPFA-Brighter Future පිටුවේ ප්‍රධාන ඇඩ්මින්වරයා අගරදගුරුහිමියන්ට අපහාස කිරීම එම සංගමය විසින් දැඩි ලෙස හෙලා දකින බවයි.

ඔහු ජනාධිපතිගේ ලේකම් බවට දක්වා ඇති අයුරු 
එම මාධ්‍යය සකාච්ජාවේදී ඔවුන් කියා සිටියේ මෙම ඕෂල හේරත් නැමති පුද්ගලයා ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බවත් මෙලෙස අගරදගුරුහිමියන් අපහාසයට ලක්කිරීමට ජනාධිපතිවරයාද සම්බන්ධ බවයි.

මෙහිදී ඔවුන් වැඩි දුරටත් පැවසුවේ ඕෂල හේරත් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයෙකු බවයි.

මෙම සිදුවීම පිලිබදව ජනාධිපති කාර්යාලය විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබෙන්නේ ඕෂල හේරත් නැමති අයෙකු ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු නොවන බවත් එම නමින් හදුන්වන පුද්ගලයා ජනාධිපති කාර්යාලයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

නමුත් මෙම පුද්ගලයා විවධ ස්ථාන වලදී ඔහු ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු ලෙසින් පෙනී සිට ඇත. ඒ පිලිබදව ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිනුමේද සදහන් කර තිබුන අතර ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කල මාධ්‍යය නිවේදනයෙන් පසුව ඔහු එම දත්ත සියල්ල මකා දමා තිබෙන අයුරු දක්නට හැකි විය.

මෙලස ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරියෙකු බව පවසමින් ඔහු දිගින් දිගටම ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ ක්‍රියාවන් සිදුකර ඇති බවටත් වැඩි දුරටත් වාර්තා වන අතර මෙලෙස ඕෂල හේරත් නැමති තැනැත්තා ජනාධිපතිවරයට හෝ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙන නත්තල් ගස පිළිබඳව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් පදනම් කර ගෙන, උන්වහන්සේගේ කීර්තිනාමයට හා ක්‍රිස්තියානි ආගමට, ජනාධිපතිතුමාට සමීප නිලධාරියෙකු චෝදනා කරන බව සඳහන් කරමින් සමාජ ජාලා ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇති වීඩියෝ පටයෙහි අන්තර්ගත කරුණු ජනාධිපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කරයි.
තම සමාජ ජාලා ගිණුම් හරහා අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප‍්‍රකාශයට චෝදනාත්මක ආකාරයෙන් කරුණු දක්වා ඇතැයි කියන ඕෂල හේරත් මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය නොකරන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5378412548632045210

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item