හම්භන්තොට ඉඩම් අක්කර 15000 ගැන අගමැතිගේ කතාවට නාමල් දුන්න පිළිතුර(VIDEO)

හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පවරා දීම සම්බන්ධයෙන් ඇති වූ විවාදයෙන් මේ වසරේ මුල්ම පාර්ලිමේන්තු සැසිවාරය දඩිව උණුසුම් විය. ‘හම්බන...

හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පවරා දීම සම්බන්ධයෙන් ඇති වූ විවාදයෙන් මේ වසරේ මුල්ම පාර්ලිමේන්තු සැසිවාරය දඩිව උණුසුම් විය.

‘හම්බන්තොටට මේවා එපාද. එපාද. එපාද. දෙන්න දිස්ත‍්‍රික්ක ඕන තරම් තියනවා’ අගමැති රනිල් වික‍්‍රමසිංහ එහිදී අභියෝග කරමින් කියා සිටියේය.

එම අභියෝගය බාර ගනිමින් නැගී සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂයි.

‘අගමැතිතුමනින් කලින් අත්සන් කල ගිවිසුම අනුව අදාල ඉඩම්වල කර්මාන්ත ආරම්භ කරනවාට අපි වරුද්ද නෑ. එම ඉඩම්වල කර්මාන්ත ශාලා ආරම්භ කරන්න. අර අක්කර 15000 පොලොන්නරුවට, මහනුවරට, ගාල්ලට, මොණරාගලට දෙන්න’ යයි එක දිගට කියා සිටියේ ඉතා පැහැදිලි හඬිනි.

හැට අට වියැති අත්දැකීම් බහුල අගමැති වික‍්‍රමසිංහ තමන්ගේ වයසින් අඩක්වත් වයස නැති දේශපාලන පිටියේ ලාබාල මන්ත‍්‍රීවරයාගේ බලාපොරොත්තු නොවූ තාර්කික පිලිතුරුන් පසුබා ගියේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගෙන් ලියුමක් එවන්නැයි කියා අසුනේ වාඩි වුනේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3420774266022377307

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item