කෝටි 18කින් ඇරඹීමට නියමිත සංහිඳියාවේ නාලිකාව ළඟදීම

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුප...

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය ඉරිදා අත්සන් තැබිණ.

එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී. සිවඥනසෝති සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.

නව නාලිකාව සඳහා සංඛ්‍යාත ලබා දීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පළමු පදවිප‍්‍රාප්තියට සමගාමීව 2016 ජනවාරි 08 වනදා සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ සංස්ථෘ සභාපති නිතිඥ රවී ජයවර්ධන වෙත එ් සඳහා වූ නිල ලේඛනය එහිදී පිරිනැමුණු අතර නාලිකාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන් කෙරිණ.

එම මුදල පිරිනැමීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ දෙවන පදවිප‍්‍රාප්තියට සමගාමීවය. සංහිඳියාවේ නාලිකාවේ කටයුතු 2017 වසර තුළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ගිවිසුමට අත්සන් කිරීම ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිද කෙරුණු අතර එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, මනෝ ගනේෂන්, කරු පරණවිතාන, අජිත් පී. පෙරේරා යන මැති ඇමතිවරුද සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්තද සහභාගී වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6853566632279556125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item