වායු සමීකරණ යන්ත්‍ර වලටත් නීතියක් - අංශක 26ට වඩා බෑ

වායු සමීකරණ යන්ත්‍ර සේල්සියස් අංශක 26ට පවත්වාගෙන යාමට චක්‍ර ලේඛයක් ගෙනඑන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවස...

වායු සමීකරණ යන්ත්‍ර සේල්සියස් අංශක 26ට පවත්වාගෙන යාමට චක්‍ර ලේඛයක් ගෙනඑන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ඉංජිනේරු බලප්‍රෙද්ශයේ දැරණියගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි

මෙහිදී වැඩ්දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටියමෙසේද පැවසීය. මේ වනවිට අපි දරුණු නියගයකට මුහුණදීලා තිබෙන්නේ. කාලගුණ දෙපාර්තමේන්තුවත් කියනවා තවත් මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. 2006 පස්සේ ලොකුම නියගයකට අපි මුහුණ දීලා තියෙන්නෙ. අපිට ලොකු අභියෝගයක් තියෙන්නේ. ඒ තමයි ජනතාවට අඛණ්ඩව විදුලිය සපයන එකට අපි ලග මේ වනවිට ජලය තිබෙන්නේ 36 ප්‍රමාණයක් විතරයි. ඒඅනුව විදුලිය නිපදවීම සදහා ඩීසල් ගල් අගුරැ වැනි විකල්පයකට යන්න වෙනවා. 

නමුත් ඒ සදහා යන වියදම ජනතාව පිට පටවන්නත් අපිට බැහැ. මේකට අවශ්‍ය සියළුම දේවල් අපි මේ වනවිට කැබිනට් මණ්ඩලයත් දැනුවත්කරලා තිබෙන්නේ. ජනාධපතිතුමාගේ නියෝගයෙන් මේ සදහා අනුකමිටුවක් පත්කරලා තිබෙන්නේ. අපි ඒ කමිටුවට ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ විදුලි ගැටළුව ගැනත් ඒ සදහා දියයුතු විසදුම් ගැනත්. රජය එකගවෙලා තිබෙනවා අපිට ඒ සදහා සහයෝගය ලබාදෙන්න. අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ ඒ සදහා සහයෝගය දෙන්න කියලා. මුළු ආසියාවම මේ නියගයෙන් පෙලෙනවා. මේක අපි සියළු දෙනාම බෙදාහදා ගන්න ඕන. අපි ජනතාවගේ පැත්තෙන් ඉල්ලන්නේ මෙගාවොට් 25 ක් ඉතිරි කරගන්න කියලා. අපි මෑතකදිම චක්‍රලේඛයක් ගේනවා වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තියාගන්න කියලා. මෙවැනි විදුලි සංරක්ෂණ ක්‍රමසදහා අපි ජනතාවට විදුලි වාසනා වැනි විවධාකාර දිරිගැන්වීම් දෙන්නත් සැලසුම් කරලා තිබෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4452126082377640062

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item