රාජිතගේ ප්‍රකාශය සාවද්‍යයි - ඇමති මලික්‍ රජිතගේ රෙදි ගලවයි

රාජිත සේනාරත්න ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස සතියේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදි නිරන්තරයෙන්ම මාධ්‍ය හා ජනතාව නොමග යවමින් පුරුද්දක් ලෙස බොර...

රාජිත සේනාරත්න ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස සතියේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදි නිරන්තරයෙන්ම මාධ්‍ය හා ජනතාව නොමග යවමින් පුරුද්දක් ලෙස බොරු කියන බව අද සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට හැකි විය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ද මෙම සතියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍ය වෙත කරුණු ගෙන හැර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හොරණ නව ටයර් කර්මාන්තශාලාව සඳහා ආයෝජනය කල ව්‍යවසායකයා රාජපක්ෂ පවුලේ හිතවතකු මෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික යාලවෙකු බවත්, ඒ සම්බන්ධව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා කිසිත් නොදන්නා බැවින් එම කර්මාන්තශාලාව ආරම්භ කිරිමේ උත්සවයට අගමැතිවරයා සහභාගි වූ බවයි.

එහෙත් අද ලිඛිතව මාධ්‍ය වෙත කරුණු දක්වමින් සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසා සිටියේ හොරණ ටයර් කර්මාන්තශාලාවේ ආයෝජකයා සම්බන්ධ සියලු කරුණු ජනාධිපති හා අගමැති වරයා කලින් දැනුවත් කොට ඇති බවයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමැතියන් ලබා ගත් බවත් සඳහන් කොට ඇත.

එමෙන්ම කරුණු සහිතව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න සවාද්‍ය ප්‍රකාශ කරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Bandar Game Slot Online | Play with real money or free bet betway login betway login matchpoint matchpoint 3181Best Soccer Prediction: SoccerPunt - thauberbet

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4024633007405963540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item