රු 20 ලොතරැයිය තවමත් නෑ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලොතරැයි පතක මිල රුපියල් 20ක් බවට පත් කළද, තවමත් එම මිල සඳහන් ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ...

https://www.sathhanda.com/2017/01/20_27.html
මුදල් අමාත්‍යාංශය තම තනිමතයට අනුව යමින් ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමූ බවත්, ලොතරැයි අලෙවිකරුවන් හා ජනතාව එක්ව මෙයට විරෝධය දැක්වූ බවත් එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ සඳහන් කළේය.
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කරන ලෙසට ඉකුත් 17 වැනිදා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඔහු පවසා සිටියේය. එහෙත් තවමත් ජාතික ලොතරැයි අලෙවි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් 20 ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවත්, මේ නිසා රුපියල් 30 ටිකට් පත් මිලදී ගැනීම ජනතාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.
Related