ලංගම අහෝසි කිරීමට යෝජනාවක්?

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අහෝසි කරන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක ස...

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අහෝසි කරන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවැසුවේ එවැනි ඉල්ලීමක් කිරීමට පෞද්ගලික බස් සංගම්වලට කිසිම අයිතියක් නොමැති බවයි.

“1957 ජනවාරි 01 වැනිදා පෞද්ගලික බස් රථ ව්‍යාපාරය අහෝසි කළේ ඇයි කියලා ඒ ඉල්ලීම කරන අය තේරුම් ගත යුතුයි. ඒ විධිමත් සේවයක් එවකට රටේ ජනතාවට ලබාදීමට නොහැකි නිසයි. ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ස්ථාපිත කළේ රටේ එකල ප්‍රවාහන ඇමැතිවරයා ලෙස මෛත්‍රිපාල සේනානායකගේ යෝජනාවක් අනුවයි. එසේ කළේ පෞද්ගලික බස් සේවයෙන් එදා ජනතාවට පහසුකම් නොලැබුණුු නිසායි“ යැයිද ලියනගේ කීය.

රටේ පෞද්ගලික බස්රථ සේවාව ජනතා යහපතට පවත්වාගෙන යා නොහැකි නම් එය රජයට පවරාගත යුතු බවද සේපාල ලියනගේ පැවැසී ය. 

1950 දශකයේ සිට පැවැති පෞද්ගලික බස්රථ ව්‍යාපාරය කිසියම් වන්දි මුදලක් අයිතිකරුවනට පසුකාලීනව ලබාදීමෙන් පසු බස්රථ රජයට පවරාගත් බවද ඉකුත් 02 වැනිදා පෞද්ගලික බස්රථ වැඩ වර්ජනයක් ආරම්භ කළත් එදා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සෑම ඩිපෝවකම බස්රථ ධාවනය කරමින් රටේ මගී ජනතාවට සේවය කිරීමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2748050898255172672

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item