හොරණ රබර් කම්හලට කුණු කොල්ලට ඉඩම් දුන්නේ නීති විරෝධීවයි

‘ඩුබායි මැරියට්‘ හෝටලයේ නාමික නන්දනට හොරණ වෑගවත්ත ඉඩම ලබා දී ඇත්තේ වසරකට රු. 100 ක් වූ නාමික අක්කර බද්දකට බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය ක...

‘ඩුබායි මැරියට්‘ හෝටලයේ නාමික නන්දනට හොරණ වෑගවත්ත ඉඩම ලබා දී ඇත්තේ වසරකට රු. 100 ක් වූ නාමික අක්කර බද්දකට බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එම පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ සඳහන් කළේ ව්‍යාපාර සඳහා ඉඩම් ලබාදීමේ සියලු නිර්ණායක උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම ගනුදෙනුව රාජපක්ෂ රජය සේම මේ රජයට කිසිඳු ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව මහ දවල් මේ රටේ ජනතාව සතු දේපල තම අලුත් ගජ මිතුරන්ට ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමි,

මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ වංචා ගැන කථා කළ මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමති, ඇමතිවරුන් එදා ඔරුවල වානේ සංස්ථාව, ඩුබායි මැරියට් හෝටලය ‘හොර සල්ලි‘ ‘කළු සල්ලි‘ යැයි කීවේය. අද මේ කළු සල්ලිකාරයින්ට රුපියල් සීයට ඉඩම් දෙනකොට මේ අයත් ඔවුන් විසින් නඩත්තු කරන ඊනියා සිවිල් සමාජ සමාජිකයින් රොත්තත් කියන්නේ ‘ටිකක් හොරකම් කළාට කමක් නෑ කියාය. මහින්ද රජය පරද්දන්නට මුලික සංවිධාන ජාලය හැදූ මෛත්‍රී ගුණරත්න ඉවත් කරනු ලැබූවේ ගල් අගුරු ටොන් එකකට ඩොලර් 10 ක් වැඩිපුර ගෙවන්නට අකමැති වූ නිසාය. මේ ඉරණමට මීලගට මුහුණ දීමට සිදුවන්නේ අක්කරය රු. 100 ට දෙන්නට අත්සන් කරන්නට අකමැති උපුල් ජයසූරිය මහතා ය.

මහින්ද රාජපක්ෂ රජයේ යුගයේ සිටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉඩම් බදුදීමේ දී අක්කරයක් සදහා ඇමරිකානු ඩොලර් 40,000 ක් ද, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 3850 ක අක්කර බද්දක් ද අය කරනු ලබයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරටය පත්වීමෙන් පසුව මේ දක්වාම රජයේ ඉඩම් ලබාදී ඇත්තේ ටෙන්ඩර් කැදවීමෙන් පසුව ඉහළම ලන්සුකරු වෙතය.නන්දන ලොකුවිතානගේ රිජිඩ් ටයර් සමාගමට ඩොලර් 40,000 වෙනුවට අක්තරයක් ලබා දී ඇත්තේ ඩොලර් 11,500 ක් මුදලකට ය. වාර්ෂික බදු මුදල අක්කරයකට රු. 100 කි. වාර්ෂික බදු මුදලින් පමණක් අක්කරයකට ඩොලර් 3849 ක පාඩුවක් රජයට සිදු වේ. අක්කර 100 සදහා සිදුවන පාඩුව ඩොලර් 384,900 කි.

2016 අප්‍රේල් 27 දින යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් සම්මතකොට ගත් ප්‍රතිපත්තියක් වූවේ කිසිදු ආයෝජනයක් සදහා බදු සහන ලබා නොදීම යි. එම තීන්දුවට පටහැනිව නන්දන ලොකුවිතානගේ කම්හලට වසර 12 ක බදු සහනයක් ලබා දීමට රජය මැදිහත්වී තිබේ.ලංකාවේ ආයෝජන සිදු කර ඇති ඩී.සැම්සන් සමාගම සහ සිංගර් සමාගම මෙරට ස්ථාපිත සමාගම් වේ. ඔවුන්ට මේ භුමියේ ම ඉඩම් ලැබෙන්නේ අක්කරයට වාර්ෂිකව ඩොලර් 3850 ක මුදලකට ය. ඔවුන් ඉඩම් අක්කරයක් ගන්නේ ඩොලර් 80,000 ට හා ඩොලර් 40,000 ට ය.

මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම ප්‍රතිකේෂප කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට මේ වන විට විශාල දේශපාලන බලපෑමක් එල්ල වී තිබේ. ඔහු ද ගල් අගුරු වංචාව වලක්වන්නට උත්සහ දැරී නීතිඥ මෛත්‍රී ගුණරත්නට අත් වූ ඉරණම හිමිවීමට ඇති ඉඩකඩ විශාලය. යැයි උන්වහන්සේ පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2669436126766272987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item