නොරොච්චෝලේ කචල් නිසා අගමැති මිතුරු සුරේෂ්ගේ කල්ලමරේ! - රජයේ පාඩුව බිලියන 30යි

හිටපු ටෙනිස් ක්‍රීඩක කෝටිපති ව්‍යාපාරික සුරේෂ් සුබ්‍රමානියම් මහතාට අයත් ඇග්‍රිකෝ (Aggreko) සමාගමෙන් හදිසි අවශ්‍යතා වෙනුවෙන් විදුලිය මිලදී...

හිටපු ටෙනිස් ක්‍රීඩක කෝටිපති ව්‍යාපාරික සුරේෂ් සුබ්‍රමානියම් මහතාට අයත් ඇග්‍රිකෝ (Aggreko) සමාගමෙන් හදිසි අවශ්‍යතා වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුව ඇති ප්‍රධානම කාරණාව වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 300ක් ජනනය කළ හැකි විදුලි ජනක යන්ත්‍රයක් 2015 ඔක්තෝබර් 15 වැනිදා සිට අද දක්වාම අක්‍රිය වී තිබීම නිසා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එම යන්ත්‍රය මේ දක්වා අලුත්වැඩියා කර නොමැති වීමෙන් පෞද්ගලික අංශයේ බලාගාර තුනකට විදුලිය මිලදී ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරයට අනුව ඇග්‍රිකෝ සමාගම ඒකකයක් වෙනුවෙන් රුපියල් 36ක ලංසුවක් තබා තිබූ බවද පැවසේ.

කෙසේවුවද මීට පෙර පෞද්ගලික අංශයෙන් විදුලිය ඒකකයක් මිලදීගෙන ඇත්තේ රුපියල් 23/-කට පමණය.

නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලිය ඒකකයක් තැනීමට වැයවන්නේ රුපියල් 13/- ක පමණ මුදලකි.

පවතින නියං තත්ත්වය හේතුවෙන් විදුලිය මෙගාවොට් 180ක් පමණ පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට අවසර ලබාදී තිබිණි.

කෙසේවුවද, පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගතහොත් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3000ක පමණ (බිලියන 30) පාඩුවක් සිදුවන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වාදී ඇතැයි මේ අතර වාර්තා වේ.

සුරේෂ් සුබ්‍රමානියම් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුම මිතුරෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3557687979729012017

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item